(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමට රජය උත්සාහ කරන බව කියමින්  විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන අද (20) ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කළේය.

පාර්ලිමේන්තුවේ කමිටු අංක 7 දී මෙම ප්‍රකාශයට අත්සන් තැබීම සිදු කෙරිණි.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතාන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, 43 සේනාංකය, දෙමළ ජාතික සංධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, විජයධරණී ජනතා සභාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන,උත්තර සභාව ඇතුලු  විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයින් සහ නියෝජිතයින්ගේ හමුවක් පසුගිය 12වන දින ජයවර්ධනපුර MONARCH IMPERIAL හිදි පැවැත්වුන අතර, එයට සහභාගි වූ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ඒකමතික තීරණයට අනුව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබෙි.