
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා අනුව රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම වෙනුවෙන් සපුරාගත යුතු ආර්ථික ඉලක්ක ගණනාවක් පවතින බව පෙන්වාදුන් ජනාධිපතිවරයා එම ඉලක්ක කඩ කිරීම යනු රටේ ආර්ථිකය විනාශ කිරීමක් බැවින් දේශපාලන අරමුණු වෙනුවෙන් වේදිකාවල ප්‍රකාශ සිදු නොකර පවතින රාමුව තුළ පමණක් කතා කිරීම විපක්ෂයේ වගකීම වන බවද සඳහන් කළේය.
විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ රට වෙනුවෙන් එදා වගකීම් භාර නොගෙන සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවූ නිසා බව පැවසූ ජනාධිපතිවරයා එදා නොබියව අභියෝගය බාරගත් ආණ්ඩුව අද එහි සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එබැවින් රට වෙනුවෙන් එක් මාර්ගයක ගමන් කරමු යැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ අද (04) පැවති "උරුමය" සින්නක්කර ඔප්පු ලබාදීම හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .
චන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .
භාර ගත්තෙ නැහැ.දූෂිත පවුල් පාලනේ උන් භාර දුන්නා.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බංකොලොත් කරපු දූෂිත දේසපාලුවෝ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්ඩ සිද්ද උනා.
ලංකාවේ දේශපාලන නායකයන් අතර පිටිපස්සට දුවන තරගයක් තිබ්බොත් පළමු සහ දෙවෙනි ස්ථාන දෙකට මාර තරගයක් තියෙනවා අනුර දිසානායකයි, සජිත් ප්‍රේමදාසයි අතරේ.
රටේ මිනිස්සුන්ටත් යමක් තේරෙනවානේ චන්දයක් තියන්නකෝ ජනතාව තීන්දු කරාවි කවුද හරි කියලා.එහෙම නේද හොඳ
ඔයා භාර ගත්තු අභියෝගයක් නෑ. හොරු 134 එකතු වෙලා ඒ ගොල්ලන්ව ආරක්ශා කරන්න ඔයාව තෝර ගත්තා. සුදු ළූණු හොරු, බී ළූණු හොරු, පොල්තෙල් හොරු, සුනාමි හොරු, ඉඩම් හොරු , මාළු හොරු, සුනාමි හොරු එක්ක මහ බැංකු හොරා එකතු වෙලා රටක් හැදුවොත් තමයි භය.
අභියෝගය කියුවේ මහජන විරෝදය නොතකා මැදමුලන හොර රංචුව එක්ක එකතු නොවුන එකද ? හොර රංචුව එක්ක ඩිල් දාල චන්ද 134 ගත්ත ලජ්ජා නැති කෙනා කවුද කියල අපිනම් දන්නවා
රට ඉන්දියන් කාරයින්ට ( ඔය නාකි පිස්සාගේ නෑදෑයන්ට ) විකුනන්න හදපු හොර පනතක් !!! ඔය පනතට විරුද්ධව අධිකරණයට යනවා.