(අංජුල මහික වීරරත්න)
වර්තමාන විපක්ෂයේ එකම පැතුම වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය රටට නො ලැබේවා යන්න බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද(2) පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 700 ක මුදල ලබාගැනීම වෙනුවෙන් රජය මොහොතේ ක්‍රියා කරමින් සිටින බව කී රත්නප්‍රිය මහතා සැප්තැම්බර් මාසයේ සමාලෝචන රැස්වීම් පැවැත්වුයේ එම කාරණය සඳහා බව කීය.
එම සාකච්ඡා වල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් කොන්දේසිවල යම් යම් ආකාරයේ ගැටළු ටිකක් මතු වූ බවද ඉදිරි සති තුන ඇතුළදී එම සාකච්ඡා අවසන් වී ඉතිරි ණය වාරිකය ලබා ගැනීමට හැකි වෙතියි විශ්වාසය තිබෙන බවද රත්නප්‍රිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එකම පැතුම 2048 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වීමයි.
අනේ නර්ස් මහත්තයෝ කට වහගෙන දන්න දෙයක් ගැන විතරක් කථා කරන්න.
කොහේද අප්පේ ඉන්නේ මේ වැඩබලන මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා...!
පිරිමි හෙදියගේ කතාව හරිම අසෝභනයි...
තමුන් විපක්ෂයේ ඉන්න කොටත් ඒකම තමයි උන්නැහේ කෙරුවේ... අපි මැරිලා ඉපදුණා කියලාද හිතුවේ...? තමුන් ඉතාම පහත් එන්ජී..ඕ කපුටෙක් කියන එක රට දන්නවා. යහපාලන කාලේ එක දවසකට චිට් මන්ත්‍රීවෙලා ලොකු වාහනයකට උරුමකම් කීවා කියලා දන්නවා. යුද්ධය කාලේ ප්‍රභාකරන්ට ගැතිකම් කළා කියන දේත් රටට මතකයි...
එතකොට දින හයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කෝටි ගණන් වටිනා වාහන බලපත්‍රයක් ගන්න එක හොඳද? මෙහෙමද රටේ ආර්ථිකයට දායකත්වය දෙන්නේ?
විපක්ෂය සිතූ පැතූ පමණින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල් නොලැබෙන බවත්, මුදල් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ එතුමාගේ නායකයා ජනාධිපතිත්වය දරන රජයේ ක්‍රියාකාරිත්වය මත පමණක් බවත් මෙම හයක් හතරක් නොදත් කිරි සප්පයට කවුරුහරි කියා දෙන්න.
විපක්ෂයට බම්බු ගහගන්න කියලා රජය කරන වැඩේ හරියට කරන්න...
ගන්න ණය වලින් කරන මඟුලකුත් නෑ... ඔය ණය ගෙවන්නේ කවුද එතකොට...? ලොකු සල්ලිකාරයින්ගෙන් බදු ගහන්නෙ නැතුව දුප්පත් අපිවම හූරාගෙන කනවා...
නර්ස් නෝනා, මහත්තයලා ඉස්පිරිතාලේ ඇතුලේ සෙල්ලම් දාන විදිහට, මූල්‍ය අරමුදල හෝ විපක්ෂය ක්‍රියා නොකරන බව නම් විශ්වාසයි. නොදන්නා ආර්ථික විද්‍යාව ගැන කතා නොකර, දන්නා කියන හෙද විද්‍යාව ගැන කතා කළොත් නේද හොඳ..? අර "බල්ලාගේ වැඩේ බූරුවා නොකර".. මට නම් හිතෙන්නේ, වැඩබැරි ටාසන්ලාට කතාව හැර වෙනත් කිසිවක් නම් බැරි බවයි... මෝඩයින්ගේ රටේ කබ්බෝ කරලියේ පිනුම් ගහනවා.. වෙන ඉතින් මොනවා කියන්නද මේ විකාර කතා වලට...?
තමුනුත් ඒ කාලේ කියපු, කරපුවා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...!
රනිල්ගේ දුර්වලකම කොච්චරද කියනවා නම්, හෙදියෝත් ආර්ථික ඔස්තාර්ලා වෙලා...