IMG-LOGO

විපක්ෂයේ අරමුණ ආණ්ඩුව අස්ථාවර කර රට බංකොලොත් කිරීමයි

 

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය අහිමි කොට රට බංකොලොත් කිරීම විපක්ෂයේ ප්‍රධාන ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (6) පැවසීය.

දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම ඉටු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළත් විපක්ෂයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  වැඩපිළිවෙළට සහයෝගය ලබා නොදෙන්නේ නම් රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නැයි  විපක්ෂයෙන් ඉල්ලීමක් කරන බවත් අබේගුණවර්ධන මහතා එහිදී කීවේය.

රට ආර්ථිකව වැටී ඇති බව ආණ්ඩුව පිළිගන්නා බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස පමණක් බලා නොසිට රට නැගිටුවීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පැවසීය.

රට ආර්ථික වශයෙන් ඉතාම ගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

ඒ වෙනුවෙන් අඩු ආදායම්ලාභි පවුල්වලට සහන රැසක් ලබාදීමට කටයුතු කර ඇති බවත් අබේගුණවර්ධන මහතා තවදුරටත් පැවසීය.



අදහස් (14)

විපක්ෂයේ අරමුණ ආණ්ඩුව අස්ථාවර කර රට බංකොලොත් කිරීමයි

Achini Tuesday, 06 September 2022 01:46 PM

සයන දෙන්න නම් ඉතින් ඔයගොල්ලන් හොරා කාපි සල්ලි තමයි ඉතින් දෙන්න වෙන්නේ. නැත්නම් වෙන කොහෙන් සහන දෙන්නද?

:       2       47

pradeepaa Tuesday, 06 September 2022 01:50 PM

ඔයෙලගේ වත්කම් දීලා බලනකොට තේරෙනව කවුද මේ රට බංකොළොත් කරලා තියෙන්නේ කියලා.

:       2       49

fairoos Tuesday, 06 September 2022 02:06 PM

මේ වගේ අය... වහාම ඡන්දයක් තියලා පුළුවන් නම් ශක්තිමත් ආණ්ඩුවක් හදන්න.

:       1       29

Rexi Tuesday, 06 September 2022 02:07 PM

ලොක්කා රට බංකොළොත් කියලා තාම දන්නේ නැහැ... පාර්ලිමේන්තුවේ ඉඳලා. අපිට හිටපු අන්දරේ ඇති, තවත් ඕනෑ නැහැ.

:       1       25

ANURANGA Tuesday, 06 September 2022 02:09 PM

රෝහිත අබේගුණවර්ධන මහතා...?

:       3       20

Hafeel Tuesday, 06 September 2022 02:31 PM

විපක්ෂයට ඇයි චෝදනා කරන්නේ? විධායක ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තුවේ 134 සහිත ශක්තිමත් ආණ්ඩුවක් තියද්දී? අනික රට බංකොලොත් කලේ ඔයාලා ගත්තු මෝඩ තීන්දු නිසා මිස විපක්ෂය නිසා නොවේ. පොහොර පිළිබඳව ගත්තු වැරදි තීන්දු, බදු අඩු කිරීම සහ IMF යන එක ප්‍රමාද වුණු නිසා තමයි රට බංකොළොත් වුනේ කියලා ඔයාලගේ හිටපු ජනාධිපති ගෝඨාභය ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිලා පිළිගත්තා. දැන් විපක්ෂයට දොස් කියනවා...!

:       1       31

විපරමා Tuesday, 06 September 2022 02:40 PM

රටම බංකොළොත් කරලා ජනතාව මහපාරට ඇදලා දැම්මේ කවුද කියන එක දැන් ලෝකෙම දන්නවා. ආයේ අමුතුවෙන් කියලා කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. දූෂිත පවුල් පාලකයින් සහ වටේ හිටපු දූෂිත දේශපාලුවන් කරපුවා තමයි දැන් මුළුමහත් ජනතාවටම විඳවන්න වෙලා තියෙන්නේ...

:       1       32

jagath Tuesday, 06 September 2022 02:53 PM

මෙන්න මාල හොරුන්... අල්ලපල්ලා....

:       1       27

ranjith Tuesday, 06 September 2022 02:57 PM

බංකොලොත් කරපු රටක්, තව බංකොළොත් කරන්න දෙයක් තියෙනවද? විපක්ෂයේ කතා මොකටද? 69 ලක්ෂයක්... 2/3 ජනවරමක්.. දීලත් අවුරුදු 2න් රට බංකොළොත් කරලා මෝඩ කතා කියනවා.

:       1       29

Chinthaka Tuesday, 06 September 2022 03:09 PM

ඔයාලා මේක බංකළොත් කරලා ඉවරයිනේ, තව විපක්ෂෙට කරන්න දෙයක් තියෙනවද?

:       1       27

Dharmatileke Tuesday, 06 September 2022 03:51 PM

මේ රට බංකොළොත්... ආයෙත් අලුතෙක් කරන්න දෙයක් නැහැ.. පොහොට්ටුවෝ කියලා ඔල මොට්ටලයෝ රොත්තක් තමයි මේක කළේ...!

:       1       21

චන්දන Tuesday, 06 September 2022 04:08 PM

මේකේ හැම එකකටම ඩිස්ලයික් දාලා තියෙනවා එක්කෙනෙක්.., රෝහිත අබේගුණවර්ධන ඇමැතිතුමා මේක බලලා වගෙයි.

:       1       11

Dasa P Tuesday, 06 September 2022 06:11 PM

රට දැනටමත් බංකොළොත් රත්තරනේ...!

:       1       10

LGPJ Tuesday, 06 September 2022 06:52 PM

So called condition is very nice for the present Government .

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site