(ජයන්ත සමරකෝන්)
කොළඹ 7 සර් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පිහිටුවා ඇති ඔම්බුඩ්ස්මන් කාර්යාලයට මේ වනවිට විවිධ වර්ගයේ පැමිණිලි 4000 ක් පමණ ලැබී ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අතරින් 75% ක් දේශපාලන පලිගැනීම් පිළිබඳව චෝදනා ඇතුළත් පැමිණිලි වන බවද එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
වැඩිම දේශපාලන පලිගැනීම් වාර්තා වී ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව බවද දිනකට ලැබෙන එම පැමිණිලි සංඛ්‍යාව 50 ක් පමණ වන බවද එම ප්‍රකාශකයා කීය.
නිවාස, ඉඩම් ඇතුළු ගැටලු ගණනාවක පැමිණිලි ඒ ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වෙත යවන බවද ඔහු කීවේය.
සෑම සතියේ දිනකම මෙම කාර්යාලයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු රැඳී සිටින බවද වාර්තාවේ.
නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු මෙම කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත රැගෙන යන බවද දැනගන්නට තිබේ.
ඉකුත් ජූනි මස 3 වැනිදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කාර්යාලය විවෘත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ පවුලේ සාමාජිකයෝත්... 5000ක් විතර ඉන්නවනේ... ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමෙයිනේ.. මෙහමත් පිස්සෝ රැලක්.
මේ පැමිණිලි ලබා ගන්නවා වගේම අදාල අමාත්‍යංශයේ සහ ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීම කළ යුතුයි. හැමදාම අාණ්ඩු මාරු වෙනකොට එක කල්ලියක් අනෙක් අයට වැඩ කරන්න දෙන්නෙත් නැහැ. ඉන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම විද්‍යුත් තැපැල සහ දුරකථන මගිනුත් තොරතුරු එකතු කළා නම් ඈත පළාත්වල ඉන්න මිනිස්සුන්ට පහසුයි.
දැන් තමයි මේ හිඟන්නොත් මිනිසුන්ගේ අපහසුතාවයන් ගැන බලන්නේ.. ඔව් ඔව් කොහොමත් බලයේ නැතිවෙනකොට " ගොන් මොලේ පෑදෙනවා" ... බලයේ ඉන්න කොට " ඒ ගොන් මොලයම මොංගල් " වෙනවා කියන්නේ නිකම් නොවේ... දැන් බලයේ ඉන්න හැත්තටත් වෙලා තියෙන්නේ ඕකම තමයි...
මාර පැමිණිලි ගොඩක් නේ.. විනාඩියකට පැමිණිලි 3ක්... මගේ අම්මේ...
එහෙනම් රොෂේන් චානක, රවිරාජ්, ලසන්ත, තාජුදීන්, එක්නැලිගොඩ, වැලිකඩ හිරගෙදර වෙඩි වැදුණු අය, කප්පන් ගෙන ඝාතනය කල 11දෙනා, වතුර ඉල්ලා වෙඩිකාපු අය, සුදුවෑන් මගින් අතුරුදන් කළඅය... මේ සේරමත් ඔතැනට එන්න ඇති...
අරලියගහ මන්දිරයේ පොළව යට තියෙන මාලිගවටද අරන් යන්න බලාගෙන ඉන්නේ?
වැඩිම පිළිගැනීම් නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව නම්, ඒ ගොල්ලන්ගේ යුගයේ නිවාස ඇමති විමල් කරපු දේවල්ද? විමලයා දුන්න නෑදෑයින්ට කෝටි ගණන් වටිනා නිවාස තුට්ටුවට... මුසම්මිල්ට රජයේ වාහන ටික දුන්නා පුද්ගලික හයර් දුවන්න...
මේකෙන් පේන්නේ දැන්ම සජිත්ට බයවෙලා...