(ජේ.ඒ.එල්.ජයසිංහ)
විහාරස්ථානවල විදුලි බිල දරගත නොහැකි ලෙස ඉහළ දැමීමට එරෙහිව වප් පොහෝදා සියලු විහාරස්ථාන විදුලි පහන් නිවා දමා දායකයන් සමග එක්ව විරෝධයක් පළ කරන බව ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහනා නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාව තීරණයක් ගත් බව මධ්‍යම පළාත් ප්‍රධාන සංඝ නායක ගොඩමුනේ පඤ්ඤාකිත්ති හිමිපාණන් වහන්සේ පැවැසූහ.
මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ දි ශ්‍රී ලංකා රාමාඤ්ඤ නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රාමඤ්ඤමහා නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා විශේෂ යෝජනාවක් සම්මත කරගනිමින් විදුලි බිල වැඩි කිරීමට රජය ගත් ක්‍රිියා මාර්ගයට විරෝධය පළ කරමින් එළෙඹෙන පොහෝ දිනයේ දී සියලු විහාරස්ථානවල විදුලි පහන් නිවා දැමීමට තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳයි. අල්පේච්ඡතාව එහෙමවත් ප්‍රගුණ කරන එක...!
බණ භාවනා කරන්න ලයිට් ඕනමද? ඕනෙම නම් දායක සභාවලට පුළුවන්නෙ බිල ගෙවන්න. රටේ අඩියක් අඩියක් පාසා පන්සල් පල්ලි කෝවිල්. ඒවායේ වැඩිපුර කරන්නේ බිස්නස් සහ දේශපාලනේ. හැමදේටම සහන දීමත් රටේ අද තියෙන අසහනයට එක හේතුවක්.
බුදු හාමුදුරුවන්ගෙ කාලෙ පෝයට ලයිට් දැම්මෙ නෑ නේද හාමුදුරැවනේ.
පන්සල් නම් වහන තරමට හොඳයි.
දැන් බොහෝ ආගමික ස්ථානවලින් කෙරෙන්නෙ ප්‍රදර්ශනාත්මක දේවල් සහ මුදල් උපයන දේවල්. ඒකට ආලෝකය වගේම මිනිස්සුන්ගේ කන් පැලෙන්න දාන ලවුඩ්ස්පීකර් , බෆල් අවශ්‍යයයි.
මෙය ස්වකැමැත්තෙන් කළ යුතු දෙයක් මිස විරෝධය පෑ යුතු දෙයක් නෙමෙයි. අසරණ ජනතාවක් කුස ගින්නේ පසු වන විට, රෝගීන් ඖෂධ නොමැතිව මරණයට පත්වන විට බුද්ධිමත් අය කළ යුත්තේ හැකි සෑම අයුරකින්ම එම ප්‍රශ්ණ විසඳීමට සහයෝගය දැක් වීමය. විහාරස්ථාන වල ලයිට් පත්තු කරගෙන සිටියාට විමුක්තිය උදාවන්නේ නැත. එකළ බුදුරජානන් වහන්සේ සිඟාළ නම් පුද්ගලයෙකුට මිත්‍යා වන්ඳනාවන් වලින් බැහැර වී තාත්වික ලෝකයේ වන්ඳනාවන් කුමක්ද යන්න පැහැදිළි කළ සේක. නමුත් කණගාටුවට කාරණය වී ඇත්තේ බුදුන් දෙසූ වටිනා ධර්මය ජනතාවට ගෙන යාමට සිටින්නන් එම කරුණ පසක තබා ඩිෆෙන්ඩර් රථ තබාගෙන හැකි පමණ විදුලිය පරිභෝජනය කරමින් සුඛ විහරණ ජීවිත ගත කරමින් සිටීමය. ජනතාවත් මේවා අනුගමනය කිරීමට පටන්ගත්තොත් වන්නේ රට තවත් අගාධයට වැටීමය.
ලෝකෙ හිනස්සන ඔය විකාර පැත්තකින් තියලා සංසාර දුක නිවාගන්න වීරය වඩන්න අපේ හාමුදුරුවනේ.
පන්සල් වන්දනාවේ යන දේශපාලුවන්ට කියලා බැලුවාම හරිනේ... දූෂිත දේශපාලුවන්ට ආවඩන අයට හොඳ වැඩේ...!