IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වඳුරු උණ ලොවපුරා පැතිර යෑමේ අවදානමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

වඳුරු උණ ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි සෞඛ්‍ය තත්වයක් බවත් අප්‍රිකාවේ ඇතැම් කලාපවල පැතිර ඇති වඳුරු උණ ක්ලෙඩ් 1 වසංගතය අප්‍රිකාව තුළ ව්‍යාප්තවීමට මෙන්ම අප්‍රිකාවෙන් පිටතට පැතිර යෑමේ අවදානමක් තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් මහතා ප්‍රකාශ කළේය.

වඳුරු උණ ව්‍යාප්තිය මර්දනය කිරීමටත්, ජීවිත බේරා ගැනීමටත් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් එසේ එක් නොවූවහොත් වඳුරු උණ මීළඟ ගෝලීය වසංගතය විය හැකි බවත් වෛද්‍යවරයා පැවැසුවේය.

අප්‍රිකාවේ ඇතැම් කලාපවල පැතිර ඇති වඳුරු උණ (එම් පොක්ස්) වසංගතය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර පැය කීපයක් යන්නටත් මත්තෙන් වඩාත් අනතුරුදායි වඳුරු උණ ක්ලෙඩ් 1 ප්‍රභේදය ආසාදනය වූ රෝගියකු ස්වීඩනයෙන් වාර්තාවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වඳුරු උණ ක්ලෙඩ් 1 ප්‍රභේදය වසංගතයක් ලෙස ව්‍යාප්තවී ඇති අප්‍රිකානු කලාපයෙන් පිටත එම ප්‍රභේදය අසාදනයවූ රෝගියකු වාර්තාවූ ප්‍රථම අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය. ස්වීඩනයෙන් වාර්තාවූ මෙම රෝගියා අප්‍රිකාවේ සංචාරයක නිරත වී ඇති බවත් එහිදී ඔහුට වඳුරු උණ ක්ලෙඩ් 1 ප්‍රභේදය ආසාදනය වී ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

කොංගෝ ජනරජයෙන් ආරම්භ වූ වඳුරු උණ ක්ලෙඩ් 1 වසංගතය හේතුවෙන් මේ වනවිට 450 දෙනකු මියගොස් ඇති බවත් වසංගතය මේ වනවිට මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවට පැතිර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට පාකිස්තානයේද වඳුරු උණ රෝගියකු වාර්තාවී ඇති බවත් එම රෝගියා සෞදි අරාබියේ සිට පාකිස්තානයට පැමිණි පුද්ගලයකු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

වඳුරු උණ හදිසි සෞඛ්‍ය තත්වයක් බවට ප්‍රකාශයට පත්කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර 2022 වසරේ වඳුරු උණ ක්ලෙඩ් 2 ප්‍රභේදය ව්‍යාප්තවූ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය පළමු වරට වඳුරු උණ හදිසි සෞඛ්‍ය තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. වඳුරු උණ ක්ලේඩ් 1 සහ ක්ලේඩ් 2 ලෙස ප්‍රභේද දෙකකි. ඉන් ක්ලෙඩ් 1 අනතුරුදායි ප්‍රභේදය වේ.

වඳුරු උණ 100 කට අසාදනය වුවහොත් සිව් දෙනකු ඉන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය. ලිංගික ඇසුරෙන්, සමට සම ස්පර්ශ වීමෙන් සහ වෙනත් පුද්ගලයෙකු සමඟ සමීපව කතා කිරීම හෝ හුස්ම ගැනීම වැනි සමීප සම්බන්ධතා හරහා වඳුරු උණ සම්ප්‍රේෂණය වේ.



අදහස් (0)

වඳුරු උණ ලොවපුරා පැතිර යෑමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site