IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වඳුරු උණ ආසාදිතයෝ 18,000 ක්

ලොව සමස්ත වඳුරු උණ ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ යුරෝපා රටවලින් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, රටවල් 78 කට මේ වනවිට වඳුරු උණ වයිරසය ව්‍යාප්ත වී තිබේ.

ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කළ ‘වඳුරු උණ’ (මන්කිපොක්ස්)  වසංගතය පාලනය කළ හැකි යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැහැදිලි කළේ, ‘වඳුරු උණ’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

‘ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරන අන්දමට, ආසාදිතයන් හඳුනා ගැනීම සහ නිරෝධායනය හරහා වඳුරු උණ වයිරස වසංගතය පාලනය කරගන්න පුළුවන්. එසේ කරන්න නම් ලොව අප සැවොම එකමුතුව කටයුතු කළ යුතුයි’ යැයි එම මාධ්‍ය හමුවේ දී ගෙබ්‍රියේසිස් පැවැසීය.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ, ඉන්දීය සම්භවයක් ඇති සෞම්‍යා ස්වාමිනාදන් පෙන්වා දෙන්නේ ‘වඳුරු උණ’ ගෝලීය වසංගත තත්ත්වයක් තෙක් දුරදිග යෑම අප කාගේත් විශේෂ අවධානයට ලක් විය යුතු බවය.

‘වඳුරු උණ කියන්නේ පැපොල සහ මාරක වසූරිය වයිරස රෝගවල අතර මැද තත්ත්වයක්. 1979 සහ 1980 වසරවලින් පසු අප වසූරියට එරෙහිව එන්නත් වැඩසටහන් නවතා දැම්මා. වඳුරු උණ වයිරසය වැඩි දියුණු වී ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වීමට එය හේතුවක් වුණා වෙන්න පුළුවන්’ යැයි සෞම්‍යා ස්වාමිනාදන් පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

වඳුරු උණ ආසාදිතයෝ 18,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site