(විනීතා එම්. ගමගේ)
වඳ සැත්කම් කරනවාට මුදල් ගෙවන්නේ දිරි දීමනා ගෙවන්නේ අන්තවාදි සංවිධානයකින් නොව ආණ්ඩුව විසින්ම යැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති පවුල් සෞඛ්‍ය කාර්යාංශය වඳ සැත්කම් කරගන්නා අය සඳහා පොළඹවන අයට දිරි දීමනා ලබා දෙන බව ද පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
බලහත්කාරයෙන් ජාතියක් වඳ කරන්නට උත්සාහ කරනවා යනු සමූල ඝාතනයක් ලෙස ගත හැකි බවත් සිංහල ජාතිය වඳ වෙන බවට ආණ්ඩුවේ නිල ලේඛන අනුව තමන් පෙන්වා දුන් පසු වඳ කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනුව සොයා බලද්දී එය රජයෙන් කරවන බව පෙනී ගිය බවත් හෙතෙම කියා සිටියේය.
උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ ජාතික පුස්තකාල ශ‍්‍රවනාගාරයේ අද (24) පැවැති මාධ්‍ය හමුවක දීය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය.
‘‘බරපතල තුවාලයක් කියන්නේ සදාකාලිකව පවතින තුවාලයක්. ඒ සඳහා උපරිම දඬුවම වසර 7 ක් වෙනවා. බරපතල තුවාල සිදුකිරීම ඇප ලැබිය හැකි වරදක් බැවින් ෂාෆිට ඇප ගන්න පුළුවන් නේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන් නමුත් මහජන කැලඹීමකට තුඩු දිය හැකි පුද්ගලයකුට ඇප ලබාදිය නොහැකි බව ඇප පනතේ ඉතාම පැහැදිලිව කියා තිබෙනවා.
දෙවන දරුවා ලබන්න මවක් රෝහල් ගත වුණාට පස්සේ ඇයට වඳ සැත්කමකට යොමුවෙන්න කියලා රෝහලෙන් දැඩි බලපෑමක් එල්ල වෙනවා. තුන්වන දරුවා ලැබෙන්න රෝහල් ගත වුණු ගුරුවරියකට හෙදියක් පුදුම විදියට ඇවිටිලි කරනවා වඳ සැත්කම කර ගන්න කියලා. ඒකට අදිමදි කළාම සැමියාට දුරකතන ඇමතුමක් බලෙන්ම අරගෙන පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම ගැන සැමියාටත් උපදෙස් දෙනවා.
වඳ සැත්කම් කිරීමට හෙදිය මෙතරම් උනන්දු ඇයි කියලා මට ප‍්‍රශ්නයක් වුණා. වඳ සැත්කම් සිදු කරනවාට කවුරු හරි අන්තවාදි සංවිධානයකින් මුදල් ගෙවනවා ද කියන සැකයක් ඇති වුණා. මේ ගැන සොයා බලද්දී තමයි හොරේ හෙළි වුණේ.
1980 දශකයේ දී ”පුංචි පවුල රත්තරන්” කියන සංකල්පය යටතේ ”අපි දෙන්නයි - දරු දෙන්නයි” කියන තේමාව ප‍්‍රචලිත කළේ ලංකාවේ 2% ආසන්න ජනගහන වර්ධන වේගයක් පැවැති නිසා. දැන් ජනගහන වර්ධන වේගය සියයට දශම 8යි. සිංහලයින්ගේ නම් සියයට දශම 5යි. ජර්මනිය වැනි ජනගහන වර්ධනය ඇද ගෙන වැටුණු රටවල් දිරි දීමනාව ගෙවන්නේ වඳ සැත්කමට නොවේ. දරු ප‍්‍රසූතියටයි.
ලංකාවත් පීල්ල මාරු කරන්න කාලය උදා වෙලා කියලා අපි සෞඛ්‍ය අමාත්‍යංශයට සිහිපත් කරනවා. දැන් තේමාව විය යුත්තේ ”පුංචි පවුල රත්තරන්” නොවෙයි ”වැඩුණු පවුල ඉස්තරම්” කියන එකයි. ඒ නිසා තවදුරටත් ආණ්ඩුවෙන් දිරි දීමනා ගෙවලා වඳ සැත්කම් සිදුකිරීම අවශ්‍ය නෑ. ඕනෑ කෙනෙකුට වඳ සැත්කම කරගන්න පුළුවන් සිය කැමැත්තෙන්. හැබැයි දිරි දීමනා ගෙවීම අවශ්‍ය නැහැ" යැයි හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ පවුල රට පටවලා ඒ අයට සියලුම සැප පහසුකම් සෙට්කරලා මෙහෙ එදාවේල හම්බකර ගන්න දුක් විඳින අයට කියනවා ළමයි හදන්න කියලා. උඹලද කන්න බොන්න ජීවත් වෙන්න වියදම දෙන්නේ? අවුරුදු ගාණක් ආණ්ඩුවල ඉන්නවා. දැන්ද මේවා එළි කරන්නේ? පහුගිය කාලේ ඔයා හිටියෙත් වඳවෙලා වගේ තමයි...
පවුලක 4ක් 5ක් ඉන්නකොට ඉතාමත් අසීරුවෙන් ජනතාව කල් ගෙව්වේ හරියට ඉන්න තැනක් නැහැ. රැකියා නැහැ.. කාටවත් හරි හමන් අධ්‍යාපනයක් නැහැ.. මේකට විසඳුමක් විදියට උපත් පාලනය දිරිමත් කළ එක කලේ රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් යොදාගෙනයි. කෙසේවෙතත් දෙන තත්වය වෙනස් වී තියෙනවා. අඩුම තරමේ උපත් සහ මරණ අනුපාතිකය නියතව තබා ගැනීමටවත් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි. ඒ වගේම ආරථික අපහසුතා ඇති පවුල්වලට හැමෝම උදව් කළයුතුයි. අඩුම තරමේ මේ ඉන්න දරුවන්ට හොඳ පරිසරයක් හදාදිය යුතුයි.
මම පළමුවෙන්ම වඳ සැත්කම් වලට මුදල් ගෙවනවා දැක්කේ අසූව දශකයේ මුල් කාලයේ. එයට පෙර මගේ පාසැල් කාලය නිසා එයට පෙරත් කළාද දන්නේ නැහැ ඒ කාලයේ මෙයා කලේ ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව හරහා... සැත්කමක් කර ගත්තාම එකල රුපියල් 500ක් ගෙව්වා. ඒ කාලේ ලිපිකාර සේවයේ ආරම්භක මාසික වැටුප රුපියල් දෙසිය පනහයි. සැත්කම කල අයට ගෙවන මුදලට අමතරව වෛද්‍ය වරුන්ටත් සහාය කාර්ය මණ්ඩලයටත් ඒ කාලේ ජාතිය වඳකිරීමට එතරම් මුදලක් ගෙව්වා. ඒ කාලෙ මෙය ජංගම සේවයක් ලෙසටත් කළා.. මුදල් සොයා ගැනීම අපහසු ඒ කාලේ සමහරක් තරුණයන්ද මුදල් කෑදරකමටත් මෙය කරවන්නන්ගේ මුසාබසටත් රැවටී සැත්කම් කළ අවස්ථාද තිබුණා.
මෙයා දැන් වඳ සැත්කම් හරහා ගොඩයන්න හදනවා.
මෙතුමාගේ කතාව ගැන වාදයක් නැත. එසේවුවද ඉතිහාසය නිවැරදි කළ යුතුයි. පුංචි පවුල රත්තරන් සංකල්පය ආවේ 70 දශකයේ මැද භාගයේ ගරු මැතිණියගේ පාලන කාලයේ බව සිහිපත් කරමු. එ් දවස ලංගම බස්රථවල අලවා තිබූ තහඩු පෝස්ටරය මතක ඇතැයිද සිතමු... 77 ජේ.ආර්. එම සංකල්පය ඡන්ද රැස්වීම්වල තදින් විවේචනය කළ බවත් මතක ඇත. මැතිණිය එය කලේ අවංකවම නිරෝගි ජාතියක් වෙනුවෙනි. (එදා ගජ මෑන්ගේ පවුල මතකද?)
පුංචි පවුල රත්තරන් සංකල්පය මුලින්ම ආවේ 1970 ගණන්වලදි. අනෙක් අදටත් රෝහල්වල බලෙන් සැත්කම් කරන්නේ නෑ. ඒත් ඒක ගැන විමසීමක් කරනවා. මොකද ඇතැම් ගම්මානවල අඩු වයසෙන් විවාහ වෙලා පළමු දරුවා ලැබී මාස 6 යන්නත් කලින් තවත් දරුවෙක් ලැබෙන්න වෙලා මව්වරු එනවා රෝහලට. ඒකෙන් මවත් දරුවාත් විශාල අවදානමකට ලක් වෙනවා. මේක දිගින් දිගටම වෙන්න තියෙන අවදානම එක්ක තමයි මේ සැත්කම නිර්දේශ වෙන්නේ. ඒත් ඒක කරගන්නවද නැද්ද කියන එක තමන්ගේ තෝරා ගැනීමක්.