"වනස්පති'' ජාතික වැඩසටහනට යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත් කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරණි.

මෙම ගැසට් පත්‍ර සදහා අත්සන් තැබීම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, වන සංරක්ෂක ජනරාල් එස්. සී පාලමකුඹුර මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වවරයා ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාාගී වේ.

නුවරඑළිය,කෑගල්ල අම්පාර, බදුල්ල, වව්නියාව හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුළ පිහිටි වනාන්තර 20ක් රක්ෂිත   ප්‍රකාශයට පත් වන අතර එහි භුමි ප්‍රමාණය හෙක්ටයාර 9538කට ආසන්න බව අමාත්‍යවරයා පැවැසීය.

මේ වන විට පරිසර අමාත්‍යංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර ඇති අතර  ඒවායෙහි මුළු භූම් ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්නය.

"තිරසර ජෛව ගෝලයක් - සදාහරිත ජීවිතයක්" තේමාවෙන් 2032 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර ප්‍රමාණය 32% කින් ඉහළ නැංවීමේ දිගුකාලීන ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් මෙරට සංවේදී වනාන්තර කලාප නීත්‍යානුකූලව ආරක්ෂිත රක්ෂිත බවට පත් කිරීමේ සිදු වේ.

නුවරඑළිය සදතැන්න වන විද්‍යාලයේදී මෙම උත්සවය පැවැත්වණි.

"වනස්පති" යනු ගස් වැවීමක් පමණක් නොව, විද්‍යාත්මක පර්යේෂණ සහ දේශීය ප්‍රජාවගේ දායකත්වය මත පදනම්ව, පරිසර පද්ධති දිගුකාලීනව කළමනාකරණය කරන උපායමාර්ගික ප්‍රවේශයකි.