(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත් කර ගැනිමේ රහස් ජන්ද විමසිමේදි පොදු විපක්ෂයේ සහයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ වින්සන් ප්‍රැන්සිස් මහතා  වැඩි ජන්ද දෙකකින් ජයග්‍රහණය කළේය.  

වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනී හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනිමේ ජන්ද විමසිම 27 දින වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේදි සිදු කෙරණි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනිම වලකමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමූණ පක්ෂ එම පක්ෂයෙන් වනාතවිල්ලුව ප්‍රදේශීය සභාවට තරග වැදුන කණ්ඩායම් නායක සමන්ත මුණසිංහ මහතා  අභියාචනාධිකරණයේ පෙත්තමක් යොමු කර තිබුනී.

ඒ අනුව නීතිපති ලබා දුන් නියෝග මත මත වයඹ ප්‍රධාන ලේකම් විසින් අදාල සභාව පිහිටුවිමට වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනි හේරත් මහත්මියට අදාල කටයුතු සදහා දන්වා තිබුණී.

එහිදි සභාපතිවරයා තෝරා පත් කර ගැනිමට රහස් ජන්දයක්ද විවෘත ජන්දයක්ද යන්න විමසිමේද මත දෙකක් සභාව තුළ පැවතිම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තුන්ඩු උඩ දැමිමක් සිදුවු අතර එහිදි 1 දිනා ගත් ජාතික ජන බලවේගය පක්ෂයේ කණ්ඩායම රහස් ජන්දයට කැමැත්ත පළ කර තිබුනී.

ඒ අනුව පැවති රහස් ජන්දයේදී සමගි ජන බලවේගය නියෝජනය කළ වින්සන් ප්‍රැන්සිස් මහතා ජන්ද 10 ක් දිනා ගැනිමට සමත් වු අතර ජාතික ජන බලවේගය පක්ෂයේ පි.පි.සුරංග ප්‍රදිප් කුමාර මහතාට ලබා ගැනිමට හැකිවුයේ ජන්ද 8ක් පමණි.