
(විමුක්ති එස් රුද්‍රිගු)
වෙනිසියුලාවෙන් ගමන් ඇරැඹු තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාව ඇමෙරිකානු හමුදා සිය බාරයට ගෙන ඇත.
මෙය ඇමෙරිකානු හමුදාව බාරයට ගත් වෙනිසියුලාවෙන් ගමන් ඇරැඹු දෙවැනි ඉන්ධන ප්‍රවාහන නෞකාව වේ.
එරටින් ගමන් අරඹන සම්බාධක පැනවූ ඉන්ධන ප්‍රවාහන නෞකාවලට යාත්‍රා කිරීම අවහිර කරමින් බාධක යොදවන ලෙස පසුගිය 16 වැනිදා නියෝග කිරීමෙන් පසුව මෙලෙස වෙනිසියුලානු වෙරළෙන් ගමන් ඇරැඹී තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු හමුදා බාරයට ගෙන ඇත. වෙනිසියුලානු රජය මෙම ක්‍රියාව හෙළා දැක ඇති අතර එය පැහැර ගැනීමක් සහ හොරකමක් ලෙස අර්ථකථනය කර තිබේ.
එසේම මෙලෙස ඉන්ධන ප්‍රවාහන නෞකා ඇමෙරිකාව සිය බාරයට ගැනීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම දඬුවම් විඳීමට ඇමෙරිකාව සිදුවනු ඇතැයි වෙනිසියුලානු රජය අනතුරු අඟවා ඇත.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෙනිසියුලා තවත් තෙල් නැවක් ඇමෙරිකා බාරයට
පන්සිළු Sunday, 21 December 2025 05:39 PM
මුහුදු මංකොල්ල කෑමක්...
නීල්ඩSunday, 21 December 2025 08:38 PM
වෙනිසියුලාවේ බයියෝ ඇර බහුතරය ඔහොම හිතන්නේ නැහැ. ඒ අය කැමතියි "වෙනිසියුලාවේ රාජපක්ෂ පාලනය" අහෝසිවෙනවට.
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 22 December 2025 01:28 AM
රුසියානු මිනීමරු, ඒකාධිපති පාලක පූටින්, අසරණ නිරායුධ යුක්රේනය, යුද බලයෙන් ආක්‍රමණය කර සිදු කල දැවැන්ත මිනිස් සංහාරය සහ විශාල දෙපල විනාශය, තමන් බලයට පැමින පැය 24 ක් තුළ නිමාවට පත් කරන බවට වහසිබස් දෙඩවූ ට්‍රම්ප් මුත්තාට පූටින් දුන් අමතක නොවන කම්මුල් පහර මුළු ලෝකයම ට්‍රම්ප් හතර විලි ලැජ්ජාවට පත් කල අති ප්‍රබල පුවතක් විය... මෙමගින් ඇතිවූ ලජ්ජාව මකා ගැනීමට "ලොක පොලිස් කාරයා" යන විරුදාවලිය ලත් ඇමරිකාවේ ට්‍රම්ප්, සිය රුසියානු මිනීමරු පූටින් සගයාගෙ අඩිපාරේ යමින් වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට තටමන බව පෙනේ. මුහුදු මංකොල්ලා කරුවන් මෙන්, ඉන්ධන ප්‍රවාහන නෞකා බලහත්කාරයෙන් අල්ලාගෙන ඇමරිකානු වරායන් වෙත ගෙන යන ට්‍රම්ප් ගෙ මෙම "තුට්ටු දෙකේ" ගේම වැඩි කාලයක් කර ගෙන යාමට වෙනිසියුලාවේ මිත්‍ර රටවල් ඉඩ නොදෙනු ඇත. රුසියාව ඉන් එක් රටක් බව ට්‍රම්ප් මුත්තාට අමතකවී ඇති හැඩයි. මොහු නව යුද්ධයක් ඇමරිකාවේ එළිපත්ත අසලටම ගෙනාවාද ???
ගුණරත්න Monday, 22 December 2025 01:31 PM
කොමියුනිස්ට් එකාධිපතියෝ රටවල් වනසලා තව කියනවා රට බටහිර අධිරාජ්‍යවාදෙන් බේරාගන්න මේම කරේ ගගා. අන්තිමට හොඳට තිබ්බ රටවල් බංකොලොත් වෙලා විනාශ වෙලා යනවා. අපරාදේ මේ මැදපෙරදිගටත් වඩා තෙල් තියන රටක් හිඟමන් යදින තැනට වැටිලා තියෙන්නේ...