
‘‘එක්වෙමු වෙනසකට සැරසෙමු‘‘ තේමාව කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය පක්ෂ සභාපති හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉම්පීරියල් උත්සව ශාලාවේ දී අද සවස පැවැත්විණි.
53 හර්තාලයේ ක්‍රියාකාරිනියක් ලෙස සටනට එක්වූ එවකට ගර්භනී මවක වූ දැනට 83 වන වියේ පසුවන නන්දාවති සොයිසා මහත්මියට උපහාර තිළිණයක් පිරිනැමීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය ද සිය සුභපැතුම් පණිවුඩය සුමුලුව මෙත යොමු කර තිබුණි. නිදහස ජනතා සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහත්වරුන්ද සුභපැතුම් පණිවුඩ යොමු කර තිබිණ.
(ඡායාරූප ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ානේ මේ සේරම අපි වෙනුවෙන් නේද කියලා හිතුනාම මාර සතුටක් දැනෙනවා
සමරන්න ඉතුරු කලේ බංකොලොත් රටක් , ලැජ්ජාවක් නෑ මේවාට යන උන්ට, ටීවී එකේ බලෙන් පෙන්නන්නේ මේවා, මිනිස්සුන්ගේ ඔලුවට බලෙන් දේශපාලනය පොවනවා.
සිංහල භාෂාවට නියමිත ස්ථානය ලබා දීම මගින් සාමාන්‍ය මිනිහාට ඉහලට එන්නට අවස්තාව ලබා දුන්, නිදහස් අධ්‍යාපනය, නිදහස් සුව සේවය හදුන්වා දීම මගින් රටට විසල් මෙහෙයය්ක් සිදු කළ, දෙශීයත්වයට නිසි ස්ථානය ලබා දීම හරහා සිංහල මෙන්ම දෙමළ පොදු ජනයාට තම ආර්ථිකය නගා සිටුවීමට මග පෑදු, ශ්‍රී ලංකා මාතාව ජනරජයක් බවට පත් කරමින් විදෙස් බැමිවලින් නිදහස් කරගත්, 30 වසරක සාපලත් ත්‍රස්තවාදී යුද්ධයකින් රට බේරා ගත්, විශිෂ්ට දේශපාලන පක්ෂයක් මයිත්රීපාල සිරිසේන වන්නකු විසින් විනාස මුඛයට ඇද දැමූ හැටි මොනතරම් ඛේදජනයක සිදු වීමක් ද!
සභාපතියම අධිකරණයේ වැරදි කාරයෙක්....වෙනස ඉතින් හිරකූඩුව විය යුතුයි....