(අංජුල මහික වීරරත්න)

නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින්  ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් කීය.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාවෙන්   උගන්ඩාවේ කම්පාලා නුවරදී අද (19) ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ ඊට එක්ව සිටිති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට එක්ව සිටි රාජ්‍ය නායකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.