
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැළණිය වනවාසල දුම්රිය මාර්ගයේ ඇණ ගලවා දුම්රියක් පීලි පැනීමට ලක්කර අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මංගල අජිත් මහතා පැවසීය.
එම සැකකරු පදිංචි නිවස තුළ සඟවා තිබූ දුම්රියේ පීලි මාරු කිරීමට යොදා තිබූ ලිවර් තුනක්, ඒවා ගැලවීමට යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන ඇත.
පොල්ගහවෙල සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රිය අද උදෑසන වන වාසල හා කැලණිය අතර පිළිපැනීමට ලක්වීමෙන් එහි ගමන් ගත් දස දෙනකු තුවාල ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු වනවාසල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල අජිත් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd