
(ෂේන් සෙනෙවිරත්න)
විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමේ නීති අනපනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කොට ක්‍රියාත්මක කරන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහනුවරදී පැවසීය.
අමාත්‍යවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අද (13) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ මේ වනවිට කෙටුම්පත් කොට ඇති ඒ හා සම්බන්ධ නීති අනපනත්වල අඩු ලුහුඬුකම් සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් බැහැ දැක සාකච්ඡා කිරීමට පැමිණි බවත් මහානායක හිමිවරුන් පෙන්වා දුන් අඩු ලුහුඬුකම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙම අණපනත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කොට ගැසට් කිරීමට බලාපොරොත්තු වන අමාත්‍යවරයා කියා සිටියේය.
ඉන් අනතුරුව කිසියම් නිකායක හිමිනමක් විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන බවට අදාල නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ නිර්දේශ කොට එවනු ලැබුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග මගින් කටයුතු කොට අදාල හිමිනම ශාසනයෙන් ඉවත් කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අය කරන්නේම බොරු බේගල් සමාජගත කරලා, නැති ප්‍රශ්න ඇති කරන එක, අනුන්ට මඩ ගහන එක... ශාසනයටත් නින්දාවක්...
කාලයක සිට ඉතා දැඩිව අවශ්‍යව තිබූ දෙයක්.
අර ගිටාර් ගහන සාදු ගැනත් ඉක්මණින් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. මට පේන විදියට එයා කාගෙහරි අතකොළුවක් වෙලා.
ඔක්කොම නැතිවෙලා යනකං තව ටිකක් ඉවසා සිටියනම් යෙහෙකි.
මොකද කරන්නේ බුද්ධාගම පිළිපදින්නේ නැතිව තමන්ගේ ගතමනාව ගැන හිතන ළමයින්ට බොරු උගන්වන නායක හාමුදුරුවන්ට සහ නිකායන්... කුලයෙන් පිට මහණ නොකර ගන්න නිකායන්, පරම්පරාවට දායාද කරන පන්සල් එහෙම මේවා සම්පුර්නයෙන්ම බුද්ධ ධර්මයට විරුද්ධයිනේ...
ඉතාම හොඳ කාලෝචිත සත් ක්‍රියාවක්. සමහර හාමුරුවරුන්ගේන් මෙන්ම සමහර භික්ෂුණීන්ගෙන්ද මහජනතාවට විශාල ප්‍රශ්න ඇති වෙනවා. විශේෂයෙන්ම ඉඩම් හා පාරවල් සම්බන්ධව වසර ගණන් නඩු කියනවා. සාසනේට ගියා නම් සියල්ල අතහැර මහණ දම් හරියට පුරාගෙන සසර කෙටිකර ගත යුතුයි. ගිහි අපටත් ආදර්ශයෙන්ම මඟ පෙන්විය යුතුයි. බුදු සසුන බැබලේවා දුසිල්වතුන් ශාසනයෙන් නෙරපේවා... අර අතීතයේ හැටදාහක් නෙරපුවා වගේ...
නීතියට ඉහලින් පුජකයෝ වැජබෙන්න ගියාම නීති විරෝධීව හැසිරෙන එක අහන්නත් දෙයක්ද..? මේ රටේ අනෙකුත් පුජකයින් නීතියට යටත් නම්, ඇයි බෞද්ධ පුජකයින්ට නීතියට අවනත වෙන්න බැරි? සිත, කය කෙසේ වෙතත්, අඩුතරමේ වචනය වත් සංවරයක් නැති බෞද්ධ පුජකයෝ කෙතරම් නම්, මේ ලංකාවේ ඉන්නවද.? මහා නායක වහන්සේලා ඒ ගැන වචනයක් හෝ පවසනවද?
දුශ්ශිල භික්ෂුන් ශාසනෙන් එලවන්න ඕනේ තර්කයක් නැහැ... නමුත් මේවා කරන්න ඕනේ... එම නිකායවල්වල මහා නායක හිමිවරු මිසක් ආණ්ඩුව නොවේ, බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ප්‍රශ්න ඇතිවෙනවා...
විනය කඩන අය නෙරපුවොත් ඒකෙන්වත් ශාසනේ නැති වෙයි. ගිහියන්ට වැඩිය කරන නරකම වැඩ කරන්නේ මේ අය. පුළුවන්ම නම් පන්සිල් රකින්න කියන්න. ඒකවත් රකින්න බෑ. උපසම්පදා වුණු කෝටියක් සංවර සිල් රකින්න ඕනෑ නමුත්...!
එතකොට ආණ්ඩුවේ මහා පක්ෂයට සම්බන්ධ චීවරධාරියෝ ටික? උන්දැලා කොණ්ඩා රැවුල් වවාගෙන විපරිත හැසිරීම් ප්‍රදර්ශනය කළා. පහුගිය ආණ්ඩු කාලයේ වර්ජන, උද්ඝෝෂණ තිබෙන දිනවල ඉස්සරහින්ම හිටියේ භික්ෂූන්ට පොලිසියෙන් ගුටි දෙන්නේ නැති නිසා. දැන් ඔවුන්ගේම ලොක්කන් ටික එනවා සාසනේ හදන්න...!
සාසනේ රකින්න වුනෙත් සාසනය වනසන්න ආව කිව්ව මාලිමාවේ ආණ්ඩුවටමයි, අපේ හාන්දුවනේ අපේ හාන්දුවනේ කියලා බෙරිහන් දුන්නාට උන් සාසනය රකින්න වැඩ කෙරුවේ නැහැ වැනසුවා මිසක්...
අනේ මම නම් ඕවා කළේ නෑ... මේ දවස්වල මම මහරගම අපේක්ෂා එකේ වාට්ටු අංක 5 අයඩීන් ප්‍රතිකාරය ගන්න ගමන් පට්ට සනීපෙන් ඉන්නේ.. කරපු දේවල් පල දෙන්න අරන් වගේ....
මහා නායක හමුදුරුවන් වහන්සේලා නිර්දේශ කලාට පසුව තමයි සාසනයෙන් නෙරපන්නේ, කරුණු හරි හැටි නොදැන කතා කරන මහත්තුරු කලබල නොවී ඉන්න.
පුජ්‍ය පක්ෂය විසින් ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිත කරමින් රාත්‍රී 10 සහ උදේ 6 අතර කාලයේ කෙරෙන ධර්ම ප්‍රචාරක කටයුතු කරන එක ජනතාවට විශාල පිඩාවක් , ඔවුන්ට විරුධව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ , සාංගික දේපල වල ඓතිය බුද්ධ ශාෂණ අමාත්යංශය සතු වෙන්න ඕනේ , හාමුදුරුවරුන්ට වියාපාර කිරීම සම්පුර්ණයෙන් අත්හිටුවන්න ඕනේ , පන්සල් සතු දේපල පාලනය වෙන්න ඕනේ දායක සභාව අධීක්ෂණය යටතේ , ලංකාවේ බුද්ධ ශාශනය විනාස කරන්නේ දුශීල චීවරධාරීන් විසිනි
ඔය නායක හිමිවරු තමයි, හැම විකෘතියක්ම කරන්නේත් කියන්නේත්. ජනතාවනි ඇස් ඇර බලන්න කාලයයි මේ.!
මේවා අවුරුදු ගානක් තිස්සේ කියන කතා. හරියට අපේ රටට ජාතික ප්‍රතිපත්තියක් හදන්න කතාකරනවා වගේයි. දෙකම තවම සිදු වෙලා නෑ. සිදුවෙයිද දන්නෙත් නෑ.
කාලීන අවශ්‍යතාවයක්...