
(යොහාන් භාසුර)
ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (21 වැනිදා) පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම දඩුවමට අමතරව වනිඳුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති බවත් එම දඩුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලවශයෙන් අද (23) පස්වරුවේ දැනුම් දුන් බවත් එම නිලධාරියා කීය.
ඒ අනුව වනිඳුට බංග්ලාදේශයට එරෙහිව ලබන මස 4 සහ 6 දෙදින පැවැත්වෙන විස්සයි20 තරග දෙක අහිමිවේ.
එම තරගයේ නිපන්දුවක් පිළිබඳව ලින්ඩන් හැනිබල් මහතා සමඟ ගැටීම සහ මාධ්‍ය හමුවේදී විනිසුරු තීරණ විවේචන කිරීමේ වරදට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ඔහුට මෙම දඩුවම් පැනවීය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනිඳුට තරග දෙකක තහනමක්: සියයට 50 ක දඩයක්