(ඔගස්ටින් ප්රනාන්දු)
වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රිනි හා ඇයගේ සහෝදරිය 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්රාත් තේමියසිරි පෙරේරා මහතා අද (11) නියෝග කළේය.
පොලිස් නිලධාරින් පිරිසකට බැන රාජකාරියට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්රීවරිය හා සහෝදරිය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. සැකකාරියන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ තුන්වැනි වරටය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සිරිගම්පල තුම්මෝදර පදිංචි වර්ණකුලසුරිය දුලක්ෂි චමෝදරි ප්රනාන්දු නම් මන්ත්රීවරිය සහ ඇගේ සහෝදරිය වන වර්ණකුලසුරිය සුපුනි දුලාංජලි ප්රනාන්දු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්න කලින් මෙවැනි මෝඩ පුද්ගලයින් දේශපාලනයට එන මාර්ග අවහිර කළ යුතුයි.
ඡන්දෙ දුන්නේ කසිප්පු කාරයෝ වෙන්න ඕනේ. හැසිරෙන්න දන්නේ නැති චරිතයක්. ඡන්දෙට නොමිනේෂන් දුන්න අයට තලන්න ඕනේ .
හොඳ වැඩේ.....
මොහු මේ යුගයට ගැළපෙන කෙනෙක් නෙවෙයි . දැනට රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා කියන එක මොහු දැනගත යුතුයි.
ගරු අධිකරණයට අපගේ අචාරය.
කොහොමත් සෑම පක්ෂයකම ප්රාදේශීය සභා මන්ත්රීලා කියන්නේ මෙවැනි චරිත සහිත පුද්ගලයින් තමයි. ප්රාදේශීය සභා ඡන්දෙට ඡන්දය ප්රකාශ කරන්නෙත් එවැනිම අය තමයි. මෙවැනි මන්ත්රීලාගෙන් ජනතාවට හිරිහැරයක් මිස, සේවයක් නම් සිදු නොවේ. ජනතාවගෙන් කප්පන් ගැනීම තමයි මේ සියලු දෙනා සිදු කරන්නේ. කෙසේ වුවත් මෙවැනි අය බන්ධනාගාර ගතව එලියට එනවිට මල්මාලා දමලා පිළිගන්න තරම් මෝඩ ජනතාවක් නම් ඒ පැත්තේ නැතිව ඇති?
මාළුවා නහින්නෙත් කට හින්දාලු. දේශපාලනේ කරන්නත් (බොරු ඇත්තවගේ කියන්නත් ) කට තියෙන්න ඕනේ. තැන නොතැන දැනගෙන කට පාවිච්චි කරපු එකේ වැරැද්ද .
ඇඟේ තෙල වැඩි වුනාම ඔහොම වෙනවා.
දේශපාලනයට සුදුසු නැත. දැන්ම මෙහෙමනම් ලොකු තනතුරක් ලැබුනොත් ?
මිනිස්සුන්ට චන්ඩිකන් දාන්න ගිය අයට හොඳ වෑඩේ. හැදිලා එන්නනම් තව මාස 6 විතර අැතුලට දාන්න ඕනේ.
අවුරුදු 19දී මන්ත්රිකමක් ලැබුණාම ඔහොම තමයි දේශපාලනයට අවම සහ උපරිම වයසක් නීතිගත කළ යුතුයි.
මන්ත්රීකම ඉවත්කරන්න මෙවැනි අයගේ...
ගෝඨා ආවහම මේවා නැහැ. එයා එයාලගේ කාටවත් හිරේ ලගින්න දෙන්නේ නැහැ.
පොහොට්ටුවේ සාමාජිකයෙක් වුණා නම් අද ඇයට මේ ඉරණම අත්වන්නේ නැහැ. පාලන බලය ඇතිව, හෝ නැතිව ඒ අය ඔවුන්ගේ සාමාජිකයින්ව රකිනවා. කසිප්පු ජාවාරම් කාරයින්, ගණන් කාරයින් දැනගන්න ඕනෑ ඔවුන් එකතු විය යුත්තේ කුමන කණ්ඩායම සමගද කියන බව. දේශපාලනය නෙමේ, ඇස්දෙකින් දකින, සමාජ යතාර්ථයයි මම මේ ලිව්වේ...