(මනෝජ් හර්ෂික)
දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කිරීමට හේතු විමසීමට ලබන 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද(25) වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච් ඒ සුසන්ත පෙරේරා මහතා ඇතුළු හය දෙනකුට නොතීසි නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඒ අනුව එලෙස තහනම් නියෝගයක් නිකුත් කිරීමට හේතු දක්වන ලෙස දන්වා අධිකරණය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු හය දෙනකුට නොතීසි නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ.ආර් රටට කරපු ලොකුම හානිය තමයි පළාත් සභා ඇතිකිරීම. දැන් පේනවනේ නුගත්තු පළාත් සභා වලට යවලා වෙන විපැත්තිය. එක ජන වර්ගයට පමණක් කොහොමද වෙලදාම් කරන්න ඉඩදෙන්නේ ?
පොහොට්ටුවේ අය කලොත් ඔහොම වැඩක් තමා
මේ වගේ ජාතිවාදී වැඩවලින් මේ රටේ ප්‍රශ්න උග්‍ර වෙනවා.
එ්ක හොඳයි මුසල්මානුවන්ට වෙළඳාම දෙන්නත් එපා.. ඔවුන්ගෙන් බඩු මිලට ගන්නත් එපා.
ඉන්ද්‍රජිත්, ඔව් පොහොට්ටුවෙන් කළොත් අපි සිංහල එජාපයෙන් කළොත් අපි සිරි ලාංකිකයි.... ඕකයි වෙනස...