(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමුද්‍ර හානියක වන්දි  ඉල්ලීමේදී සීමා පැනවීමෙි ගිවිසුමකට අත්සන් කරන ලද රටක එක්ස්ප්‍රස් පර්ල් හානියේ වන්දි ඉල්ලමින් නඩු පැවරූයේ ඇයි දැයි තමාට හිතා ගන්නට බැරි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමුද්‍ර පද්ධතියේ  විනාශයක් සිදු වූ විට ඊට වන්දි ඉල්ලීමේදී සීමා පනවන ජාත්‍යන්තර සම්මුති තියෙන බවද එක්ස්ප්‍රස් පර්ල් හානියේ වන්දි ඉල්ලමින් නඩුව පවරා තිබෙන සිංගප්පූරුව අදාළ ගිවිසුමට අත්සන් කර තිබෙන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව අදාළ ගිවිසුමට අත්සන් කර නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

වන්දි  සීමා  ගිවිසුම්වලට අත්සන් රටක අදාල වන්දි ඉල්ලා නඩු පැවරීම ශ්‍රී ලංකාවට වාසි ද?  අවාසිද? යන්න පෙර පාසල් දරුවකුට වුවත් කියන්නට පුළුවන් කාරණයක් බව විපක්ෂ නායකවරයා කීය.