
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන " අය්යෝ සාමි " ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year - 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන ඇත.
සම්මානය ලබා ගත් වින්ඩි ගුණතිලක පෙර දින රාත්‍රී දිවයිනට පැමිණියාය .
මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර , මෙම සම්මාන උළෙල ඉකුත් මාර්තු 24 වැනි දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි .
මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීතය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිණිකැට යට යයි..ගොමරිටි පාවෙයි..
සෝමේ මාමා තමා ,බර වැඩිද මන්දා සීයක් විතර ඉන්නේ
ඇයගේ නම වින්දි නොවේ වින්ඩි විය යුතුයි නේද?
මෙම ගීතයට දායක වූ අස්මින්, සනුක සහ වින්ඩිට අපේ උපහාරය.
අනේ ඒක ලංකාවේ සින්දුවක්ද?
යොහානි, වින්ඩි අපට සිටින සම්පත්. සුබ පැතුම්! අහවල් සමාජවාදී පක්ෂයට පක්ෂපාත නොවූවා යැයි ඇයට සමාජ මාධ්‍යයේ අවලාද නොනගන්න යැයි එහි සහෝදර කොමෙන්ටු දායක සභාවෙන් ඉල්ලා සිටිමු...!