
(චන්ද්‍රසේන ගමගේ)
තිස්සමහාරාම රන්මිණිතැන්න රොටවැව කැළෑබද ප්‍රදේශයක මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී වෛද්‍යවරයකු දිවියාගේ පහරදීමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ බව වනජීවී නිළධාරීහු පවසති.
යාල වනෝධ්‍යානයට ආසන්නව දිවියකු මද්දකට හසුව සිටින බවට වන ජීවී නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව ඌව පළාත් බාර වනජීවී වෛද්‍ය ඩබ්ලිවු. ඒ. ධර්මකීර්ති මහතා ප්‍රමුඛ කන්ඩායමක් අද පෙරවරුවේදී රොටවැව ප්‍රදේශයට පැමිණ දිවියා බේරා ගැනීම සදහා මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී එකවරම මද්ද කඩාගත් දිවියා වනජීවී වෛද්‍ය මාලක අබේවර්ධනගේ ඇඟට පැන ඔහුගේ දකුණු අත වැලමිට ප්‍රදේශයෙන් සපා කා තිබේ.
වනජීවී නිළධාරීන් ගේ කෑ ගැසීමත් සමඟ දිවියා කැළයට පැන ගොස් තිබුණි.
දිවියාගේ පහර දීමෙන් තුවාල ලැබූ වනජීවී වෛද්‍යවරයා වහාම වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කොට තිබේ. එහිදී වනජීවී වෛද්‍ය වරයා සැත්කමකටද ලක් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතවත් මාලක, වනජීවීන් වෙනුවෙන්ම ජීවිතය කැපකළ උදාර මිනිසෙක්වන ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට...
අනේ අපේ යාළුවා. අපේ ඉස්කෝලේ එකට ඉගෙන ගත්තු එකා.. ඉක්මන සුවය මචන්..!!!
මම නම් ඕවා ඉගෙනගෙන නැහැ.. ඒත් ඔහොම සත්තුන්ට මුලින්ම නිර්වින්දන එන්නත මම දන්නා තරමින් පිස්තෝලයකින් වගේ විදලා, ඌව අඩපණ කරලයි මොන දේත් කරන්න ඕනෑ. හිතාගන්න බැහැ මොනවද කරන්නේ කියලා... බෙහෙත් නැතිනම් නිර්වින්දනය කරන්න අනිවාර්යයෙන් යා යුතු නැහැ...
ඉක්මන් සුවය ලැබේවා...!
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.