( තිලකරත්න දිසානායක)

2021  අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් වානිජ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට  ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න සිසුවිය සමත් වූවාය.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි ඇය වානිජ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.

ඊට අමතරව ජීව විද්‍ය අංශයෙන් දිවයිනෙන්ම දෙවන ස්ථානය ද ලබාගැනීමට රත්නාවලි බාලිකාවේ සිසුවියක සමත්ව ඇතැයි විදුහල්පතිනී හේමා ජයවරධන මහත්මිය පැවැසුවාය.

වානිජ අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන හිමිකරගත් ඉෂිනි නේහා

 විද්‍යා අංශයෙන් දිවයිනෙන්ම දෙවන ස්ථානය දිනා ගත් අමාෂා නිෂාමනී.