IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වනඅලි පහරින් කාන්තාවක් මරුට

(තිසර සමල්  )

තඹුත්තේගම තිස්පනේපුර, රන්වන්තලාගම ගම්මානයේ නිවසක් ඉදිරිපිටදී අද (21) අලුයම වන අලියකුගේ පහරදීමෙන්  කාන්තාවක් මියගොස් ඇතයි පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ ශ්‍රියානී මල්කාන්ති නම් 63 හැවිරිදි කාන්තාවකි.

ඇය උදෑසන 5.20 ට පමණ උදෑසන ආහාර පිසිමින් සිට, කරපිංචි අත්තක් කඩා ගෙන ඒම සඳහා තමන් පදිංචි නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට  යමින් සිටියදී  ඇගේ මවගේ නිවස ඉදිරිපිටදී මෙලෙස වන අලි පහරදීමකින් මියගොස් ඇත.

වන අලියා පහරදීමේදී ඇය කෑ ගසා ඇති අතර, ඒ කෑ ගැසීමට නිවැසියන් පැමිණෙන විට ඇය බරපතල තුවාල ලබා බිම වැටී සිට ඇත.ඇය තඹුත්තේගම රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව  රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

 

 

 

 



අදහස් (2)

වනඅලි පහරින් කාන්තාවක් මරුට

විල්සන් තුම්බෝවිල Tuesday, 22 August 2023 11:25 AM

අලි ගම් වදින්නේ වැඩිපුරම වනාන්තර විනාස කරන නිසාය, ඔව්න්ට නිදහසේ ජීවත් වීමට හැකි පරිසරයක් ඇතිකලයුතුයි, අලිසම්පත විනාසවෙනවා, ජනතාව අපමණ පීදවින්දිනවා, දෙගොල්ලොම ඉතාම අහිංසකයි,

:       0       0

G.H.M.Thilakaratne Tuesday, 22 August 2023 04:45 PM

වනාන්තර විනාශයක් මේ මරණයට අදාලම නැත. මේ ප්‍රදේශයේ වාසය කරන්නේ කොත්මලේ ජලාශයට යට වූ තම දේපළ වෙනුවෙන් මහවැලි ඉඩම් ලැබී 1980 ගණන්වල පදිංචි කළ ජන කොටසකි. එදා සිට 2017 පමණ තෙක් මේ ප්‍රදේශය තුළ වන අලියෙක් දක්නට හෝ ඔවුන්ගේ උවදුරක් අසන්නටවත් නොතිබුණි. දැනට ප්‍රදේශය පුරා ව්‍යාප්ත අලි උවදුර නිල බලධාරින්ගේ නොසැලකිල්ල හෝ අනවධානයේ ප්‍රතිඵලයකි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site