(අංජුල මහික වීරරත්න)

වනසතුන් දරුවන් මෙන් රැකබලා ගැනීමේ වගකීම රජයට මෙන්ම ජනතාවට ද පැවරෙන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 හම්බන්තොට රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ නව කලාප කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.විවෘත කෙරුණු නව කලාප අතර, සුරතල් සතුන්ට ආහාර කැවීමේ කලාපයක්, පක්ෂි උද්‍යානයක්, සංචාරක පක්ෂීන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් සහ ශාක භක්ෂක සතුන් සඳහා වන කලාපයක් ද සත්ව සංරක්ෂණ අභිජනන මධ්‍යස්ථානයක් වෙි.

වන සතුන් වඳ වී යන වේගය සලකා බැලුවහොත්, අනාගතයේදී ඇතැම් වන සතුන්  අනාගත පරපුරට දැක ගැනීමට ලැබෙන්නේ සත්වෝද්‍යාන හා මෙවැනි වන සංරක්ෂණ මධ්‍යස්ථානවලින් පමණක් බවද අමාත්‍යවරයා කීය.