(අංජුල මහික වීරරත්න)
වනාන්තර විනාශය නතර කරන්නැයි ද සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගූ භාග්‍යා අබෙිරත්න දැරියට අනිසි බලපෑම් නොකරන්නැයිද ඉල්ලමින් ලක් වනිතා මවු වරුන්ගේ සංවිධානය අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක් අද (17) ඇරැඹීය.
රට පුරා ගොස් ජනතාව දැනුවත් කරමින් අත්සන් ලබාගැනීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරන බව එක්සත් ලක්වනිතා සංවිධානයේ කැඳවුම්කාරිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය වැඩසටහන අරඹමින් පැවසුවාය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
රටේ වැසි වනාන්තර සහ සතා සීපාවා ආරක්ෂා කර ගැනීම යනු අනාගත පරපුර ආරක්ෂා කරගැනීම බව කී කෝන්ගහගේ මහත්මිය වන විනාශය නතර කිරීමට හඬ නගන දැරියක් වෙනුවෙන් පෙනී සිටීමට මව්වරුන් ලෙස වනිතා සංවිධානයට යුතුකමක් ඇතැයිද සඳහන් කළාය.
වනාන්තර විනාශය නතර කරමු යන්නෙන් සංවිධාන කෙරෙන අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,ලක් වනිතා සංවිධානයේ කැඳවුම්කාරිනී ශාන්තිනී කෝන්ගහගේ, දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ නායිකා සුනේත්‍රා රණසිංහ මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් විහිළුවක්.
අභාග්‍ය සම්පන්න රටක භාග්‍ය සම්පන්න දිරිය දරුවෙක්... පව්.
ඔන්න අලියට නැට්ටක් අහුවෙලා එල්ලෙන්න...
මේ දැරිය මෙය කලේ අවංකව නම් අගය කළ යුතුයි. ආයතනයක ප්‍රවර්ධනය වෙනුවෙන් අසාමාන්‍ය දෙයක් සිදුව ඇත්නම්, එය මහා අපරාධයක්... අවුරුදු 19ක් වූවත් ඇය දැරියක්...
එල්ලෙන්න වැලක් නැතිව ඉන්න සෙට් එකකට අවුරුදු 19ක ගෑනු ළමයෙක්ගෙ එල්ලෙන්න සිද්ද වෙච්චි.. මේ ඔක්කොම කරලා පුලුවන්නම් මේ සෙට් එක විදේශ අාධාරත් ගනී.. පස්සේ ඒවත් මාටියා ගහයි. අද රටේ බිහිවන සංවිධාන හැම එකකම ඇත්ත ඕක.. අහිංසක මිනිස්සු විකුණන්න එපා.
ඉදිරි පරම්පරාව ගොනාට අන්දන්න බැරි බව තමයි පේන්නේ. දේශපාලකයින්ට වැඳගෙන ඉන්න පරම්පරාවක් අනාගතේ බිහිවෙන්නේ නැත.
වනාන්තර විනාශ කරන අපේ රට අගාධයට ගෙනයන මේ අයටත්, මේ අයගේ ඔක්කොමටත් සාප වේවා...!!
ඇත්තටම වන විනාශයට එරෙහිවන අයත් ඉන්නවා. දේශපාලන අවශ්‍යතා මත කෑ ගහන අයත් ඉන්නවා. මේ දිනවල කෙරෙන දේවල වැඩිපුරම තියෙන්නේ දේශපාලන අරමුණු... මේ කියන කෙනා ජවිපෙ ක්‍රියාකාරිනියක්. කිසියම් සැලැස්මක් ඇතිවයි සිරස මේකට අත ගැහුවේ. මේ කියන තැන වනාන්තරයට සම්බන්ධතාවක් ඇත්තේම නැහැ. නමුත් හෙක්ටයාර 7ට වැඩි ඉඩම් සංවර්ධනයේ දී එය කොහේ තිබුණත් පරිසර අවසරයක් ගත යුතුයි. එතන වැරැද්දක් තියෙනවා. නමුත් මෙතෙක් කල් එවැනි පරිසර අවසර නොගත් ව්‍යාපෘති රටේ කෙතරම් සිදු වුණාද?
විල්පත්තුවටත් මේ සද්දෙම තිබබා නම්...?
වැඩේ අති සුන්දරයි. දේශපාලකයෝ සම්බන්ධ වෙච්ච එක ගැන දුකයි. ඒ අස්සේ මේ අයට කචල්...
භාග්‍යා දැරියට හිස නමා ආචාර කරන අතර විල්පත්තුව විනාශ වෙද්දී නිදා සිටි එජාප මන්ත්‍රීන්ට විරෝධය පළ කරමි...
ඔය පක්ෂයේ නංගි වෙනුවෙන් අක්කලා ටික ගේමට එන්ටර් වෙලා තියෙන්නේ...
අභාග්‍යවන්ත රටක භාග්‍යවන්ත දිරිය දරුවෙක්. පව්...!!!
භාග්‍යා නංගිට ගෞරව කරමි. නමුත් බංකොළොත් දේශපාලකයන් ඉන්න එක ගැන කණගාටුයි.
මේ දරුවාගේ උත්සාහය අප අගයන්නෙමු. කනගාටුව නම් දැරිය නොව මොන මළමිනිය ගෙන හෝ කොහෙවත් යන දේශපාලුවන් තම බොලද බලාපොරොත්තු වෙනුවෙන් පමණක්ම ඉදිරිපත්වීම.