
( චමිල් රූපසිංහ)
කොහු අඹරණ යන්ත්‍රයකට අසුවී දකුණු අත වෙන් වූ කාන්තාවකගේ එම අත සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වූහ.
කොහු අඹරණ යන්ත්‍රය පිරිසිදු කරමින් සිටියදී හිටිහැටියේ එය ක්‍රියාත්මක වි ඇගේ දකුණු අතේ වැලමිටට ඉහලින් කොටස යන්ත්‍රයට අසුවී උරහිසේ සිට අඟල් හතරක් පමණ පහලින් වෙන් වූ අතර වෙන් වූ කොටස අයිස් වල ගිල්වා ඉතා සුරක්ෂිතව මහනුවර රෝහල කරා යොමු කිරීමට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කිරීම නිසා අත සාර්ථකව බද්ධ කිරීමට හැකි වූ බව සැත්කමට සම්බන්ධ වූ වෛද්‍යවරු පැවසූහ.
අනුරාධපුර පදිංචි තිස්පස් හැවිරිදි කාන්තාවක මෙම අනතුරට මුහුණ පා ඇත. මහනුවර රෝහලේ දී පැය හයක සැත්කමකින් පසු එම අත සාර්ථකව බද්ධ හැකි වී ඇත.
මහනුවර ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ වෛද්‍ය උදය කිරිදෙන, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය චමිලා ජයරත්න වෛද්‍ය වෛද්‍ය සතිර ප්‍රේමරත්න, විකලාංග ශල්‍ය වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී උදාර රත්නායක, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය උඩුවෙල,වෛද්‍ය කසුන් හා සේනක මෙම සැත්කමට සම්බන්ධ වූහ.
ශ්‍යාමා නානයක්කාර, සිතාරා සුරවීර,චන්දිමා සෙනවිරත්න, තිළිණි අබේවර්ධන,එරන්දි මදුෂානි,සාසනී කොස්තා යන හෙද නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ද සැත්කමට සහයෝගය ලබා දුන්හ.



2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙන් වූ අත සාර්ථකව බද්ධ කරයි
Asanga Friday, 02 February 2024 05:22 PM
දෙවි පිහිටයි නැගණිය...!
Nihal Friday, 02 February 2024 05:29 PM
අනතුරු ගැන හරිම කණගාටුදායකයි, වෛද්‍යවරුන්, හෙද සියලුදෙනාට රටෙන්ම ප්‍රශංසාව හිමිවෙනවා, ඇයට ඉක්මනින් සුවය පතමි..!
ajith Friday, 02 February 2024 05:55 PM
ජීවත් වෙන්න කොහු අඹරන්න ගිහින් වුණු දේ. මේ තමා අපේ රටේ බොහෝ ගැහැණුන්ගේ උරුමය...!
ChamSaturday, 03 February 2024 07:41 AM
ජීවත් වෙන්න තමාගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන සාධාරණ රැකියාව ක් කිරීම නරක වන්නේ කෙසේද? කොහු ඇඹරීම පහත් රැකියාව ලෙස වර්ග කරන්නේ ඇයි? අවශ්‍ය වන්නේ ඕනෑම රැකියාවක් කිරීමේදී ප්‍රවේසම් සහගත වීමයි. එයින් රැකියා ස්ථානයේ අනතුරු වළක්වා ගත හැකියි. මෙවන් සැත්කමක් පැය 6ක් ඇතුළත සිදුකිරීම නම් ප්‍රාතිහර්‍යක්... සාමාන්‍යයෙන් පැය දහයක් පමණ වැයවෙනවා. සැත්කම සාර්ථක බව දැනගත හැක්කේ තව දින කීහිපයකින්... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..
පාඨකයෙක් Friday, 02 February 2024 06:10 PM
ඉතාමත් විශිෂ්ඨ මෙහෙවරකි. රෝහල් දෙකේම වෛද්‍යවරුන්ටත්, හෙද නිලධාරීන් ඇතුළු මෙම මෙහෙවරට සම්බන්ධ වූ සියල්ලන්ටත් අපගේ ගෞරව ප්‍රණාමය හිමිවිය යුතුයි. එමෙන්ම මෙම පුවතින් හෙළිවන වැදගත් කරුණු කිහිපයක් ලාංකික අප කාගේත් අවධානයට යොමුවිය යුතුයි. එනම්, තමාගේ වෘත්තීමය කටයුතු වගකීමෙන්, නිසියාකාරව ඉටු කිරීමේ වැදගත්කම සහ කණ්ඩායම් හැඟීමෙන්, කුහකබවින් තොරව කටයුතු කිරීමෙන් මෙරට නැවතත් අභිමානවත්, සාර්ථක දේශයක් කළ හැකි බවත්ය...!
බණ්ඩා Friday, 02 February 2024 07:25 PM
සමන්ත මෙම වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයේ සහ ඒ සඳහා සහාය දුන් සැම දෙනාටම ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. බොහෝ දෙනෙකු රට හැරදමා යද්දී ඔබ සැම රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් කරන සේවය අතිශයින්ම උදාර කාර්යකි. දිනෙක ඔබ රට හැරදමා ගියත් ඔබට ජාතියේ ප්‍රණාමය මෙන්ම සියලු දෙවියන්ගේ ආශිර්වාදය හිමිවනු ඇත. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් එම මවට ඉක්මන් සුවය පතමු...!
MAHINDA ITALY Saturday, 03 February 2024 12:13 AM
අපි උදව් කරමු...!