
(හේමලතා ඞී හේවගේ)
කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනයවූ වෑන්ථයක් ඊයේ 20 සවස නාරම්මල බැඳිගමුව මන්සන්දියේ බස්රථයකට ගොඩවීම සඳහා මාර්ගය අසල රැඳීසිටි කාන්තාවන් තිදෙනකු යට කරගෙන යෑමෙන් කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව නාරම්මල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල බැඳිගමුව ප‍්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි ජයකොඩි ආරච්චිලාගේ චනද්‍රාවතීල ලද්දුසිංහ බදු සාමාවතීල, බාලසූරිය ආරච්චිලාගේ කාන්ති චන්ද්‍රලතා යන කන්තාවන් බවත් මොවුන් තිදෙනා සමෘද්ධ බැංකුවක් වෙත යෑම සඳහා බස්රථයකට ගොඩවීමට මාර්ගය අසල රැඳීසිටියදී මෙම අනතුරට මුහුණපා ඇතිබවද සඳහන්වේ.
කුරුණෑගල දෙස සිට ගමන්කර ඇති වෑන්රථය මාර්ගයේ සිටි කාන්තාවන්ගේ ගැටී ඒ ආසන්නයේ තිබූ කුඹුරකට ඇදීගොස් නතරවී ඇති බවත් මිය ගිය කාන්තාවන් දෙදෙනා සහ බරපතල ලෙස තුවාල ලබා සිටි කාන්තාව නාරම්මල රෝහලට ඇතුලත් කර පසුව තුවාල ලැබූ කාන්තාව කුරුණෑගල මූලික රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු එහි ප‍්‍රථිකාර ලබමින් සිටිදී මියගොස් ඇති බවද පැවසේ.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරැ බලපත්‍රය සදාකාලිකව තහනමි කල යුතුයි
නීතිියක් හරියට ක්‍රියාත්මක නොවන රටක විනයක් තියෙයිද ? උගතුන් යැයි සම්මත අය පවා පාරෙ වාහන එලවන්නෙ කිසිම ඉවසීමක් විනයක් නැතිව. ඉතින් රියදුරු රැකියාව කරන අයට විනයක් තියෙයිද. පොල්සිය කළ යුත්තේ හැංගිලා ඉඳලා මිසයිල ගහනව වගේ පාරට පැනලා වේගෙ වැඩියි කියලා දඩ ගහන එක නෙවෙයි. හැම කෙනෙකුගෙම විනය හදන එක
රියදුරා දැන් තමයි හරි තැනට ගිහිල්ල තියෙන්නෙ. ණගුලක් බෙල්ලෙ බැන්දනම් උවමනා කාලෙට කුඹුර හා ගන්න තිබුන.
තමන්ට ගමනයන්න හදිසියක් ඇතත් නැතත් ඉදිරියෙන් යන වාහනය හිමින් ගියොත් පිටුපස වාහනයේ නලාව ශබ්දකිරීම පුරුද්දටගිය විනයක් හික්මීමක් නැති රියදුරන් අනන්තවත් සිටිනවා. අනවශ්‍ය විදියට නලා හැඩවීමත් වරදක්.පාර අයිනේ ඉන්න මගීජනතාව යටකරගෙන යාමට තරම් නොහික්මුන රියදුරන් සිටීම රියදුරු විනය කොතරම් පිරිහී ඇතිදැයි පෙන්වයි. මාර්ග නීති කොතරම් තිබුනත් ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක නොවන නිසා සැමදාම රිය අනතුරු සිදුවෙනවා.