(මනෝප්රිය ගුණසේකර)
ඩිෆෙන්ඩර් රථයකට හා ප්‍රාඩෝ රථයකට ඉස්සර කිරීමට ඉඩ ලබානුදුන් බව කියමින් වෑන් රථයේ රියදුරාට පහරදුන් බව කියන ඩිෆෙන්ඩර් රථයේ හා ප්‍රාඩෝ රථයේ ගමන් කළ ආරක්ෂක නිලධාරීහු දෙදෙනෙක් නීතීඥවරයකු මාර්ගයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට අද (19) පස්වරවේ බාරවූහ.
කොළඹ නුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී පසුගිය 16 වැනිදා සිදුවූ බව කියන මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව හෙළි වීමෙන් අනතුරුව අදාළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා මෙලෙස නීතීඥවරයකු මාර්ගයෙන් බාරවී ඇතැයි වාර්තා වේ.
මහදවල් විශාල පිරිසක් බලා සිටියදීම ප්‍රධාන මාර්ගයකදී සිදුකළැයි කියන මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් ලැබීමත් සමඟ මේ පිළිබඳ විමර්ශන කටයුතු වැඩබලන පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කෙට්ඨාසයට බාර කරන ලදී.
පහර කෑමට ලක්වූ බව කියන වෑන් රථ රියදුරාගෙන් ප්‍රකාශ සටහන් කරගත් කොළඹ අපරාධ කෙට්ඨාසයේ නිලධාරීහූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින අවස්ථාවේදී නීතීඥ හරිත් හෙට්ටිආරච්චි මහතා මාර්ගයෙන් අදාළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා කොළඹ අපරාධ කෙට්ඨාසයට බාර වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ දෙදෙනා මේ නීතීඥයාගේ සේවාදායකයා...
කවුරු හරි දේශපාලකයෙක් කරපු වැඩක් වහන්න වෙන කෙනෙක් ඉස්සරහට දැම්මාවත්ද?
අනේ අම්මපා පුද්ගලික මල් ශාලාවල සේවය කරන "කෝට්, කබා " ඇදගත් හිවල්ලුන් මේවගේ නිල මැස්සන්ගේ පිහිටට එනවනේ... ලැජ්ජයි...
දැක්කද මාධ්‍ය වල සහ සමාජ ජාලා වල බලය. ඔන්න ඔය විදියට අපි හැම අසාධාරනයක්ම ලොවට එලි කරමු. ලංකාදිපයත් අපක්ෂපාති ලෙස ප්රවෘත්ති ගේනවා
කෝස්ට් කන්වර්සේෂන් දෙපාර්තමේන්තුව (CCD) මේ වගේ තමන්ගේ විෂය පරාසයෙන් එහාගිය කරුණු හොයා බලා කටයුතු කරන එක ගැන අපි රටක් විසින් ආඩම්බර විය යුතුයි.
මොනවා වෙන්නද වැඩිම වුණොත් කොමිටියක් දායි... ඔන්න රියැදුරු අත්අඩංගුවට ගත්තා නම් නඩු අහලා හිරේට යවනවා...
ඔන්න දැන් සාටකයන් කියයි රණවිරුවන් දඩයම් කරනවා කියා...
කාගේ ආරක්ෂකයෝද? මගේ ප්‍රදේශයේ දවස් කීපයකට පෙර වුන සිදුවීමක් මේ. ඒ අවමංගල්‍ය පෙරේදා සිදුකලා. අර කොල්ලා ඇප ලැබී එදාම ගෙදර ගියා. කොහොමද පොලිස්සිය?
සල්ලි වලට මේ වගේ මැරයෝ වෙනුවෙන් ඉදිරිපත් වෙන කළු කෝට් කාරයන්ට මෙන්න වැඩක්.
ආරක්ෂක නිලධාරීන් ??????
දැන් ඔයිට පස්සේ ඩිෆෙන්ඩර් වලින් එන එකාලා පාට් එක දැම්මොත් නෙලලා දාන්න ඕනෑ..
බය නැතිව බාරවෙනවා. හරියට පූස් පැටව් මරලා ගෙදරට එන ළමයින් වගේ. ඔය ගෙදරදී නාවලා එළියට දානවා. අන්න ඒකයි දැන් ඒ ඇත්තන්ගේ රාජකාරිය...
අනුන්ගේ කුණු කන පිරිසක්......
"අර කොල්ලා ඇප ලැබී එදාම ගෙදර ගියා. කොහොමද පොලිස්සිය?"