IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වෑන් මාරයාට තරුණ යුවළ බිලි

(ප්‍රියන්ත දසනායක)

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි.

ඔවුහු පිටබැද්දර මෙදේරිපිටිය පාසලෙන් මාරු වී යෑමේ උත්සවයෙදී ලද තෑගිද රැගෙන සිය සැමියා සමග මාකදුර නිවස දෙසට සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇති අතර පිටබැද්දර ව්‍යාපාරිකයකු තම සුඛෝපභෝගී වෑන් රථයෙන් අකුරැස්ස දෙස සිට පිටබැද්දර දෙසට ගමන් කරමින් තිබී ඇති අතර වෑන් රථය ඔවුහු යටකරගෙන ගොස් අසල පස් කණ්ඩියක හැපී නතර වී ඇතැයි පොලීසිය කීය.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි භාග්‍යා බොරලැස්ස හා ඇයගේ සැමියා වන ඉන්දික සම්පත් නැමති මාකදුර ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇති බවත් පොලීසිය කීය.

සැකකාර ව්‍යාපරික රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව සිට ඇත්දැයි සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය භාග්‍යාගේ දේහය අකුරැස්ස රෝහලට රැගෙන විත් තිබූ අතර ඉන්දිකගේ දේහය කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබුණි.

මියගිය භාග්‍යා ගැබිණියක් බවත් පොලීසිය වැඩිදුරටත් කීය.



අදහස් (4)

වෑන් මාරයාට තරුණ යුවළ බිලි

Kamal Wednesday, 25 September 2024 09:46 PM

පාරේ නීතිය අවනීතිය වෙලා තියෙන්නේ. ඊට අමතරව අපේ රටේ පාරවල් වලට සම්බන්ධයෙන් සම්මත වෙච්චි ප්‍රතිපත්තියක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පාරවල් හදලා තියෙන්නේ වාහන පුමුඛ කරගෙන මිසක් පදිකයින් පුමුඛ කරගෙන නෙමෙයි. හුඟාක් පාරවල්, පාලම් වගේ දේවල් සැලසුම් කරලා හදලා තියෙන්නේ මාරාන්තික රිය අනතුරු වලට අතවනන විදිහට. බොරු නම් ළඟදී කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය ඉහළින් හදපු ගුවන් පාලම් දෙකේ ගිහිල්ලා බලන්න. ළඟදීම ඒ හදපු විදිහටයි.. අපේ මිනිස්සු යන වේගයයි එක්ක මාරාන්තික රිය අනතුරක් ලඟදීම වෙනවා...

:       0       0

Ugitha Thursday, 26 September 2024 08:11 AM

ජීවිතාන්තය දක්වාම එයාගේ රියදුරු බලපත් අවලංගු කරන්න..!

:       1       2

Udhuli Thursday, 26 September 2024 08:19 AM

ඔබ දෙපලට නිවන්සුව අත්වේවා. නිවන්දක්නා තුරු මෙවන් ශෝචනීය මරණයකට ගොදුරු නොමවේවා..!

:       0       5

Nimal 1 Thursday, 26 September 2024 10:58 AM

සිදුවී තිබෙන්නේ නම් දැරිය නොහැකි විපතකි... පොලිසිය දැන්වත් හිරියට නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site