IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වන පාලක යාල වන විනාශය බලන්න යයි

(අමිල සම්පත් ශ්‍රී)

යාල වන සංරක්ෂිත ප්‍රදේශයට අයත් සංවේදී පරිසර කලාපයක් වන ගල් ආර ප්‍රදේශයේ දින 5ක් තිස්සේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් අක්කර සියයකට වැඩි ප්‍රමාණයක දැවැන්ත වන විනාශයක් සිදු කර ඇති බව වන පාලක නිලධාරී කේ. ඩී. ඒ. පී. ජයසිංහ මහතා සඳහන් කරයි.

මෙම වන විනාශය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේ වන පාලකයා සමග පැමිණි ලුණුගම්වෙහෙර වනසංරක්ෂණ නිලධාරීන්ට රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන්  දොස් පැවරීය.

මාධ්‍ය මඟින් කරන ලද අනාවරණයෙන් පසු කොළඹ ප්‍රධාන කාර්යාල නිලධාරීහු සහ වනජීවි නිලධාරීහු පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණ සිටියහ.

මෙහිදී නිරීක්ෂණය වූ ප්‍රධාන කරුණක් වන්නේ මෙම වනාන්තර ප්‍රදේශය වියළි කලාපීය ද්විතීක වන ප්‍රදේශයක් බැවින් අලි ඇතුන් බහුලව සැරිසරන ප්‍රදේශයක් බවට තහවුරු වීමයි .

එසේ එළිපෙහෙළි කරපු මාර්ග දිගේ වන අලි කිහිප දෙනකු ගමන් කරපු අඩි සලකුණු පෙනෙන්නට ඇති බවත් මෙම නිරීක්ෂණ කටයුත්තේ දී විවිධ පක්ෂීන් වර්ග ගණනාවක් මෙම ප්‍රදේශයේ දැක ගතහැකි බවත් ඔහු සඳහන් කළේය .



අදහස් (3)

වන පාලක යාල වන විනාශය බලන්න යයි

Small man Tuesday, 29 November 2022 08:38 AM

දැන්ද යන්නෙ බලන්න. විනාශය කරල ඉවර උනහම ගිහිල්ල වැඩක් තියෙනවද. මීඩියා වලින් පෙන්නල දෙනකම් ඔය නිළධාරීන් මොකද කළේ.

:       0       1

sharm warn Tuesday, 29 November 2022 10:44 AM

අනේ ඔව්. . අපරාදෙ කියන්න බෑ. . අස්සයො පැනලා ගිහින් බෙටිත් අයින් කලාට පස්සෙ තමයි මෙ පාලකයො කියා ගන්න ඈයො එන්නෙ ඉස්තාලෙ දොරවල් වහන්න.. මෙ රටෙ වනන්තර විනාශ කරන මෙ කාලකන්නි තිරිසනුන්ට මෙලොවදීම මෙවට විපාක ලැබෙන්න ඔන..

:       0       1

sam Tuesday, 29 November 2022 11:36 AM

අනිවාර්යයෙන්ම මයිනාගේ නූගත් කොල්ලෙක් හෝටලයක් ගහන්න එලි කරන්න ඇති

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site