(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ කුෂාන් ජයවර්ධන)

ගලෙන්බිඳුණු වැව පඩිකාර මඩුව මහා මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි අඹකොළ හන්දිය ප්‍රදේශයට  කඩාවැදුණු වන අලි සිය දෙනකු පලවා හැරීමට පැමිණි රිටිගල වනජීවී කාර්යාලයේවනජීවි ආරක්ෂක ප්‍රධානියාට වන අලියකු පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි  පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි බී එම් .විජේකෝන් මහතා ය වනජීවී නිලධාරීන් විසි දෙනකුගෙන්  පමණ සමන්විත කණ්ඩායමක් මෙම වන අලි රංචුව පලවා හැරීමට අලිවෙඩි ගසා ඇතැයි පොලිසිය පවසයි.

අලි වෙඩි ප්‍රහාර හමුවේ කුපිත වූ අලියකු වනජීවී නිලධාරීන් පසුපස පන්නාගෙන පැමිණි අවස්ථාවේ වනජීවී නිලධාරීන්දිව ගොස් ඇතැයි ද පොලිසිය කියයි.