( ඩී ඥාණසිරි හෙට්ටිගේ)
අම්පාර වන අඩවි බලප්‍රදේශයට අයත් උහන ආදල්ඔය ගම්මානයේ නීති විරෝධී මස් ජාවාරමක් වැටලීමට ගිය අම්පාර වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන්ට පහරදී තුවාල සිදුකළ පුද්ගයෙකු අඅත්අඩංගුවට ගත්බව වනජීවී කාර්යාලය පවසයි.
පහරදුන් බවට සැකකරන පුද්ගලයෙකු සමග ජාවාරම් කරමින් සිටි මස් තොගයක් ද් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔහු ආදල්ඔය පදිංචිකරුවෙකි.
පහරදීමෙන් තුවාලලත් අඩවි සහකාර නිලධාරීයෙකු ප්‍රතිකාර සදහා අම්පාර මහ රෝහලට ඇතුලත්කර ඇත .
වනජීවී නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්පාර - මහනුවර ප්‍රධාන මාර්ගයේ ආදල්ඔය ඉන්ධන පිරවුම්හල අසල ස්ථානයක සිදුකල නීති විරෝධී ලෙස වන සතුන් මරා මස් ජාවාරම් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිදුකල වැටලීම අතරතුර පහරදීම සිදුවී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd