(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අලුත් වනාන්තර ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසු ග්‍රාම නිලධාරී වරුන්ටත් වන නිලධාරීන් ලෙස ක්‍රියා කිරීමට බලතල සහ කාර්යයන් පවරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
නව වන ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසුව අදාල සංකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර ගන්නා බව කී අමාත්‍යවරිය දැව සංස්ථා නිලධාරීන්ට මෙන්ම දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට,ඉඩම් නිලධාරීන්ට, ජනපද නිලධාරීන්ටත් වන නිලධාරීන්ගේ බලතල පවරන බව කීවාය.
වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරිය මේ බව කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ එක්කම ග්‍රාම නිලධාරීන්ගේ බලතල වන නිලධාරීන්ටත් දෙන්න...!
හරි ෂෝක් එකට තියේවි. දැනටත් සමහර දූෂිත ග්‍රාමයෝ හොරට ගස් කප්පනවා. ඔවුන්ට වන නිලධාරීන්ගේ බලය දුන්නොත් මුළු කැලෑවම කපයි...
අච්චාරු සෑදීමට සුදුසුම පුද්ගලයා
ඔක්කොම බලතල ධම්මික මහතාට දෙන්න.
මල කෙලියයි .ග්‍රාම සේවක නිලධාරීන් සතුන්වයි මිනිසුන්වයි පටලවලා ගනීද දන්නේ නැහැ