(සුමිත් පොතුපිටිය)
දොඩංගොඩ මලබඩ ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි.
ත්‍රීරෝද රථය යටදොල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන මතුගම දෙස සිට කළුතර දෙසට යමින් සිට ඇති අතර , වැන් රථය කළුතර දෙස සිට මතුගම දෙසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කීය.
අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ පසුපස ගමන්ගත් දෙදෙනා බවත් ඔවුන් දොඩංගොඩ සපුගහවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් පොලිසිය කීය.
රෝහල් ගතකර ඇති ත්‍රීරෝද රථ රියදුරුගේ තත්ත්වයද තරමක් බරපතළ බවද සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රි රෝද රථ රියැදුරන් බොහෝමයක් ඉතාමත් අපරික්ෂාකාරී අන්දමට රිය ධාවනය කරන බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැත. විශේෂයෙන් කුලීරථ රියදුරන් මෙලෙස අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම නිසා දිවයින පුරා සිදුවි ඇති මරණ සංඛ්‍යාවද ඉතා ඉහළ අගයක් ගනියි. මෙම රථය ප්‍ර්‍රමාණයෙන් කුඩා නිසා අනෙකුත් විශාල වාහන අතරින් රිංගා ගමන් කිරීමට මෙම රියැදුරන් වැඩි ඇල්මක් දක්වයි. පොලිස් රථවාහන අංශ මේ සම්බන්ධව කොපමණ දැනුවත් කිරීම් වැඩ සටහන් පැවැත්වූවද ඒවා ප්ර්රතිඵල රහිත වැඩසටහන් බවට පත්ව ඇත. තවද අවාසනාවන්ත ලෙස සිදුවන මෙවැනි ජීවිත අහිමිවීම ඉතාමත් ඛේදජනකයි.. එමනිසා ඉතා සංයමයකින් හා පරික්ෂාකාරීව රිය ධාවනය කිරිම වැඩිහිටි තරුණ සියළු දෙනාගෙන්ම යුතුකමක් බව කාරුණිකව සිහිපත් කරමි...!