
(උපුල් හේරත්)
වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලා රජයට බලපෑම් කළ විරෝධතා පා ගමනක් හා උද්ඝෝෂණයක් අද(22) මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
මෙම උද්ඝෝෂණයට පෙරාතුව මහවිලච්යේ මුතූමරි දේවාලයට ගිය ගොවි ජනතාව දේව කන්නලවිවක් කරමින් පොල් ගසා ගොවි ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණියහ.
සාධාරණ විසඳුමක් බලාපොරොත්තුවෙන් ගොවි ජනතාව මල්වඩම් දෙකක් තබා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
ඒහිදී ප්‍රාදේශීය ලේකම්වරිය තන්තිරිමලයේ කොට්ඨාසය භාර වනජීවී නිලධාරියා කැඳවමින් ඔවුනට කියා සිටියේ අද දින සිට වන අලි ගමෙන් පන්නා දමන බවයි . ස්ථිරසාර විසඳුමක් සඳහා ලබන සතියේ දිනයක බලධාරීන් දැනුවත් කරමින් කටයුතු කරන බවද කීවාය.
ඊට කැමැත්ත නොදැක්වූ ගොවි ජනතාව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව මහවිලච්ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක රැඳී සිටින අයුරු දැකගැනීමට හැකි විය.


2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලි ගැටලුවට විසඳුම් සොයා ගොවිහූ පාරට බසිති
Mohan Mangala Monday, 22 January 2024 04:12 PM
විකාර...!
kamaniMonday, 22 January 2024 05:55 PM
මේවා මහා විකාර වැඩ. මීට, නගරබද පරිසරවේදියා...
ajith Monday, 22 January 2024 05:17 PM
අලි මිනිස් ගැටුමේදී අප ගතයුත්තේ මේ දුප්පත් මිනිසුන්ගේ පැත්තයි. එබැවින්, කළයුත්තේ ගම් වදින අලින්ට වෙඩි තබා පන්නා දැමීමයි...!
වනජීවී නිලධාරියා Monday, 22 January 2024 08:29 PM
අලි ගමෙන් විතරක් නෙමෙයි..., මුළු රටෙන්ම පන්නා දමන බවට ස්ථිරසාර විසඳුමක් අවශ්‍යයයි. මට නම් පෙනෙන එකම විසඳුම මැතිවරණයම තමයි...!!!
Lelwala Monday, 22 January 2024 10:57 PM
මෙයට එකම විසදුම වනු යේ ගොවින් විසින් බලහත් කාරයෙන් අල්ලා ගත් වන ඇතුන්ගේ නිජබිම් අත් හැර ඒවා වන ඇතුන්ට භාරදි මිනිස් වාසයට සුදුසු බිම් වල වාසය කිරිමයි.
නිහාල් Tuesday, 23 January 2024 04:50 AM
ඡන්දෙ ඉල්ලන්න එන උන් මීට කලින් පන්නා දැම්මා නම් ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බවෙලා. කොහෙද ඔහෙලා උදලු තලේට, පොහොර මිටියට වාල් වෙලානේ
Bunny Preena Tuesday, 23 January 2024 10:01 AM
බීරි අලින්ට වීනා වැයීමක්