(නිමල කොඩිතුවක්කු)
පසුගිය කාලයේත් අද දවසේත් විවිධ අවස්ථාවල දී පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය පැහැර ගැනීමේ ප්‍රධාන ආයුධය ලෙස විධායක ජනාධිපති බලතල පත්කර ඇති බැවින් විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය විය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ මුවාවෙන් වත්මන් ජනාධිපතිවරයා ජනතාවගේ ජනවරම, ඡන්ද අයිතිය නැති කරන්න උත්සාහ කරනවා නම් එයට ඉඩ නොදෙන බවත් 2024 වසරේ පැවැත්වීමට ඇති ජනාධිපතිවරණය සහ මහමැතිවරණයත් අනිවාර්යෙන් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 91 වැනි අදියර යටතේ මැද කොළඹ ශාන්ත ආනා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ බයිලා කිව්වේ ජෝතිපාල මහත්තයා විතරයි. දැන් මෙයත් පටන් අරන්...
සක්වල කියලා දැම්ම වෙලේ පිටසක්වල කියලා දැම්මා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද
ඔව්වා බයිලා... ඇවිත් කරන්නේ වෙන දෙයක්. රැවටෙන්න එපා...
එතකොට කෑදරකමින් වෙන්න ඉන්න ජනපති කට්ටියට මොකද වෙන්නේ?
සජියෝ වෙන්න යන්නේ නම් මේකයි. ඊළඟ සැප්තැම්බර් ජනාධිපති වරණය තිබ්බොත් අනිවාර්යයෙන්ම කවුරුහරි අලුත් ජනපති කෙනෙක් පත් වෙනවා විතරක් නෙමෙයි එදාම පාර්ලිමේන්තුවත් විසුරුවා හැරෙනවා. එතකොට ඔය ඉන්න ඔක්කොමගේම බලය අහෝසි වෙලා අහසින් පොලොවට වැටෙනවා. ඕක වළක්වාගෙන තව කාලයක් ඇදගෙන යන්න නම් අලුත් ජනාධිපති කෙනෙක් පත්වීම නතර කරන්න ඕනි. ඒක කරන්න පුළුවන් වෙන්නේ මැතිවරණ කල් දාලා නෙමෙයි මුළුමනින්ම විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීමෙන් විතරයි. එහෙම කලොත් දැන් ඉන්න ජනාධිපති අගමැති තනතුරට පත්වෙලා හරි විධායක නොවන ජනාධිපති කෙනෙක් බවට පත් වෙලා හරි මේ ගොල්ලොම තව කාලයක් මේක ඇදගෙන යාවි. ඔන්න ඕක තමයි වෙන්න යන්නේ.