
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු එම පාසලේ 9ශ්‍රේණීයේ සිසුවෙකුට කළ පහරදීමකින් සිසුවා රෝහල්ගත කර ඇත.
පාසලේ සිසුවෙකු තවත් සිසුවෙකුට බෙලි ගෙඩියකින් කළ පහරදීමකින් පහරකෑමට ලක්වූ සිසුවාගේ හිස ප්‍රදේශයට සිදුවූ තුවාල සිදුව තිබේ. මේ
හේතුවෙන් පාසලේ විදුහල්පතිවරයා විසින් පහරදීම සිදු කළ බව කියන සිසුවා කැදවා ඇත.
මෙලෙස පහරදීම සිදු කළ සිසුවාගේ නමට සමාන නමක් ඇති සිසුවෙකු විදුහල්පතිවරයා අභියසට කැදවාගෙන ආ අවස්ථාවේ අදාල විදුහල්පතිවරයා මෙම සිසුවාගේ පිට ප්‍රදේශයට සහ කන ප්‍රදේශයට පහරදීමක් සිදු කළ බව අදාල සිසුවා නිවසට ගොස් සිය මිත්තනියට පවසා ඇත.
කන ප්‍රදේශයට පහරදීම සිදු කර සුළු මොහොතකට පසු සිසුවාට වමනය යාමක් සිදුව ඇති අතර පසුව පන්තිභාර ගුරුතුමිය විසින් සිසුවාට ඖෂධයක් ලබා දීමට කටයුතු කර ඇති බවද මිත්තනිය පැවසීය.
පහරදීම සිදු කළ සිසුවා නිෂ්චිතවම සොයා නොබලා ඒම ස්ථානයේවත් නොසිටි සිය මුණුපුරාට පහරදීමට අදාල විදුහල්පතිවරයා කටයුතු කර ඇතැයි ඇය චෝදනා කර සිටියහ.
පසුව මෙම සිසුවා රාත්‍රී කාලය වන විට හිස ප්‍රදේශයේ තදබල වේදනාවක් සහ පෙනීමේ දෝෂ්‍යක් ඇති බව පැවසීමත් සමග නිවැසියන් විසින් සිසුවා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පතිගේ පහර කෑ සිසුවා රෝහලේ
අනුර Friday, 14 June 2024 03:28 PM
අපේ කාලයේ විදුහල්පතිවරුන් සිසුන්ට පහර දී තිබෙනවා. නමුත් කිසිවිටක දෙමව්පියෝ ඊට විරුද්ධව කටයුතු කළේ නෑ. මේ සිද්ධියත් එක පාර්ශවයකින් ලැබෙන තොරතුරු පමණයි දැනගන්නට තියෙන්නේ. ඉතින් බෙලි ගෙඩියෙන් පහර කෑමට ලක්වූ සිසුවා පැමිණිලි කළ විට විදුහල්පතිතුමා කුමක් කළ යුතුද?
රට වැසියා Friday, 14 June 2024 04:41 PM
විදුහල්පතිවරයා කළ යුතුව තිබුනේ පහර දීම සඳහා යොදාගත් බෙලි ගෙඩිය සොයාගෙන එය තම්බා ගෙන කෑමයි...!
Prabha Friday, 14 June 2024 06:06 PM
රට වැසියා හරියටම හරි... මොනට අනුන්ගේ ළමයි හදන්න ගිහින් හිරේ ලගිනවාද?
රනිල් Friday, 14 June 2024 06:39 PM
ගුරුවරු ළමයින්ට දඬුවම් කරන්නේ යහමගට ගන්නයි. අපිට ගුරුවරු ගහපු ගැහිල්ලට පැමිනිළි කළා නම් තාමත් ගුරුවරු හිරේ...!
එම්.ජයසිංහ Saturday, 15 June 2024 09:39 AM
දැන් ඉතින් ඔය කොලුවා සදාකාලිකවම අඳුරේ තමයි. එයාට සුගතියක් ලැබීමට බොහෝම අමාරු වෙනවා.. ඒක සක්කරයාගේ පුතා වයිමාටවත් වළක්වන්න බැහැ. දෙමාපියන්ගේ උඩඟුකම දරුවාගේ අවාසනාවකි. අඩුම තරමින් එම දරුවාගේ ගමේ අයවත් බලන්න ඔය දරුවා යහමගට යනවද කියලා... තවත් අවුරුදු දහයකට පස්සේ ප්‍රතිඵල පෙනේවි..!
lelwala Friday, 14 June 2024 11:56 PM
ඔහු දඬුවම් කළේ වැරැදි සිසුවාට කියලයි මට හිතෙන්නේ....
සංජීව Saturday, 15 June 2024 06:37 AM
මොන හේතුවකටවත් ළමයින්ට ගහන එක සාධාරණීකරණය කරන්න බෑ. සමහරු කියන විදිහට අර අවුරුදු 4 ළමයාට පහරදීම කරලා තියෙන්නෙත් හොරෙන් සීනි කාලා හොරකම් කරන එක වළක්වලා අනාගතේ හොරෙක් වෙන එක වළක්වන්න යහපත් චේතනාවෙන් වෙන්න ඇති නේද? ගෙවල්වල ගෑණුන්ගෙන් ගුටිකන නිවට නියාළු පිරිමි තමයි ළමයින්ට ගහලා පොරවල් කියලා පෙන්නන්න හදන්නේ...!
pakeer Saturday, 15 June 2024 02:06 PM
සිසුන්ට දඩුවම් දෙන විදි තියනවා.ඒ අතින් පයින් ගහලා හරි යන්නේ නැ.