
(බී.ජී.චතුරංග)
මවක, විදුහල්පතිවරයා සමඟ ඇති කර ගත් ආරවුලකින් අනතුරුව දරු තිදෙනා පාසලෙන් එළියට දැමීමේ සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් වාර්තා වෙයි.
තම දරුවන් තිදෙනා උදෑසන ආහාර ගනිමින් සිටියදී විදුහල්පතිවරයා තමා ඉදිරිපිටදීම පාසලෙන් එළියට දැමූ බවත්, නාම ලේඛනය ගෙන නම් කපා දමන ලෙසට එක් ගුරුවරියකට දැනුම්දුන් බව ද මව්පියෝ පිරිසක් කියති.
විදුහල්පතිවරයා කාන්තාවක් සමග කාර්යාලයේ සිටින විට කාර්යාලයේ දෙස බලමින් ගමන් කළ දරුවන් කිහිප දෙනකුට ද දෙනකුට ද මෙම විදුහල්පතිවරයා බැන වැදීමෙන් අනතුරුව විදුහල්පති කාර්‍යාලයට යෑමට ද ඇතැම් දරුවන් බිය පළ කරන බවද එම දෙමව්පියෝ පැවසූහ.
මෙම සිද්ධියට මව්පියන් පිරිසක් විරෝධය කළ කර අතර පොලිසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට පියවර ගත්තේය.
මේ සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමකදී අදාළ පාසලේ විදුහල්පතිවරයා මෙසේ පැවසීය.
ළමයින්ට සෙල්ලම් කිරීමට කලයක් රැගෙන යාමට කාර්යාලයට පැමිණි අවස්ථාවේදී, මෙම මව පාසල් භූමියේදී මට පරුෂ වචනයෙන් බැණ වැදුනා. සම්බන්ධයෙන්ම පොලිසියේ පැමිණිල්ලක් සිදු කළා.ඒ අය හොඳ අය නෙවෙයි, ඔය විරෝධතා දක්වන්නේ එකම පවුලක මුණුපුරන්, දෙමව්පියන් සහ ආච්චිලා සීයලා පිරිසක්,මට කිසිම ඕන කමක් නෑ මේ පාසලේ බලහත්කාරයෙන් රැඳී සිටින්න, මාරුවක් ආවොත් හෙට වුණත් මම යන්න සූදානම්. මේ අය බැලුවා මාව අල්ලස් චෝදනාවකට ලක් කරන්න, බැරිම තැන දැන් හදනවා අනියම් සම්බන්ධකම් තියෙනවා කියලා මගේ චරිතය ඝාතනය කරන්න.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුව උදුම්මවාගත්තු විදුහල්පතිවරු රැසක් අද පාසල් වල ඉන්නව . මම පරිපාලන 1 පන්තියේ , විදුහල්පති 1 පන්තියේ කියමින් තමන්ට වඩා ඉහලින් කපුටකුවත් නොයා යුතුය කියන අය නිසා අද පාසල් පද්ධතිය වැනසෙමින් යනව.
කොස්සෙන් ගහනව පාසලෙන් නෙරපනව මරු විදුහල්පති වරු නිකන් පාසලෙන් මාරු කරල බැහ කණ කට හොදට අත ගාලා යවන්න ඕනේ
ඒත් විදුහල්පති තුමෝ ඔය වගේ දෙමව්පියන් සමග තියන ප්‍රශ්ණයකට දරුවන්ගෙන් පලි ගන්න තරම් මනසින් පහලට වැටුනේ ඇයි?
සමහර විදුහල්පති වරු හැසිරෙන්නේ පිස්සෝ වගෙයි. මෙවැනි තත්ත්වයක් ඇති වීමට කලාප අධ්‍යාපන කාර්යාල වල නිලධාරීන් ගේ අකාර්යක්ෂම තාවය ද හේතුව කි.
විදුහල්පති හිතාගෙන ඉන්නේ පාසැල එයාගේ අම්මා අප්පගේ දේපළ කියලා..ඔය මනුස්සයාගේ කනෙන් ඇදලා එළියට දාන්ඩ කවුරුවත් හිටියේ නැද්ද . ජෝෂප් ස්ටාලින් මේ ගැනත් හොයලා බලයි.
ඒ අය හොද අය නොවෙයි කියන්න විදුහල්පතිට ශක්තියක් කොයින්ද මෙයා මාරුවක් ඉල්ලා නොලැබුණ නිසා මෙහෙම කරනවා වෙන්න පුළුවන් සොයා බලන්න.
සමහර පතිලා අමාත්‍යංශයෙ ලේකම්ටත් ඉහලින් ඉන්නෙ. ස්ටාලින් මහත්තයා මොනව කියයි ද කියල අපි බලාගෙන ඉන්නෙ..
සේවය අත්හිටුවා පරීක්ෂණ පවත්වා සේවයෙන් පහ කරන්න .දරුවන් පාසලෙන් එලවන්න විදුහල්පතිට තියා කිසිම තරාතිරමක පුද්ගලයෙකුට බෑ .අධ්‍යාපනය ලැබීම දරුවකුගේ මූලික අයිතියක්
සමහරක් විදුහල්පතිවරුන්ගෙ නරක හැසිරීම් සහ කොටිපති වියාපාරයන් නිසා වැඩගත් විදියට ජීවත්වෙන, කටයුතු කරන විදුහල්පති වරුන්ටත් සමාජයට හරියට මුහුන දෙන්ට බැරි තත්වයක් උදා වෙලා තියෙන්නෙ.. බොහොම කනගාටුදායක තත්වයක්.
මටනම් හිතෙන්නෙ මෙ දෙගොල්ලොම වැරදි කියල. විදුල්පතිවරයට වැඩක් නැහැ දරුවගෙ දෙමවුපියන්ගෙ වැරදි ගැන කියමින් දරුවන්ට වෙනම විදියකට සලකන්න. දරැවො කියන්නෙ ඔක්කොම දරුවො. එකට හොද දෙමවුපියන්ගෙ දරුවොද නරක දෙමවුපියන්ගෙ දරුවද කියල වෙනසක් කරන්න හොද නැහැ. එ වගෙම දෙමවුපියොත් විදුහල්පතිවරයට ගරුකරල කතාකරන්න ඔ්නෙ.
අපිනම් කියන්නේ මේක ගමේ ගොඩේ විදිහට ලොක්කා එලියට එනකම් ඉඳලා හොඳ සබ්බුවක් දෙමු කියලා
අරගල බිමට දරුවන් ගෙනයාම ගැන පරීක්ෂන පවත්වන ළමා ආරක්ෂක අධිකාරියේ කට්ටිය මේ ගැන මොකද කියන්නේ?
අපි දැන් ලොක්කාව අහුවෙනකම් තමයි ඉන්නේ... දෙන්නේ ටයි කෝට් දාලා දුවන්න.
විදුහල්පතියි , පොලීසියයි දෙකම රජයෙනේ !
විදුහල්පතිලා කියන්නේ අද ගොඩක් දේශපාලන හෙන්චයියලා. ඉගෙන ගත්තත් මොලේ කලඳක් නැ. බුද්ධිය කියලදෙයක් දන්නෙත් නැ. තීන්දු තීරනගන්නේ කොහොමද මේ අය.
He is one of Principals without principles at least dear teachers.