
(ඩී.ජී.සුගතපාල)
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් විසින් රැස්විම තහනම් කිරිමට පියවර ගනු ලැබිය.
විදුහල්පතිවරයා එක්තරා දේශපාලන පක්ෂයක අපේක්ෂකයින්ට ආධාර පිණිස තම නිවසේ රැස්විමක් පැවැත්විමට සුදානම් කර ඇති බවට ලැබුණ පැමිණිල්ලක් අනුව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් වහාම එම විදුහල්පතිවරයාගේ නිවසට ගොස් රැස්විම තහනම් කිරිමට පියවර ගත්තේය.
එම නිලධාරින් පැවසුවේ විදුහල්පතිවරුන්ට දේශපාලන අයිතිවාසිකම් නොමැති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති තනතුර නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වැනි තනතුරක් ගන්න හිතාගෙන කරන්න ඇත්තේ අඩුම තරමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් හැටියටවත් විශ්‍රාම ගන්න හිතන්න ඇති.. මෙතෙක් කලක් පොහොට්ටුවේ ආණ්ඩු පත්කිරීම් කලේ එහෙමනේ පක්ෂය නොකිව්වාට කාගේ වැඩක්ද කියලා මාර්ගයේ සැරසිලි අනුව පේනවා...
කෙනෙක් තමන්ගේ පුද්ගලික ස්ථානයක රැකියා වෙලාවෙන් පිටතදී කරන දේවල් වලට දේශපාලන නීති අදාල වෙන්න බෑ නේද? තම රැකියාවට අවමානයක් හෝ ඍජු බලපෑමක් (conflict of interest) සිදුවන දෙයක් නම් එපා කියන එක සාධාරණයි. ඒවා ගැන ආයතන සංග්‍රහය කියන දෙය තුළ තිබෙන්න ඕනෑ. මේ විදුහල්පතිවරයා තම පාසලේ අනිකුත් ගුරුවරුන් සහ සේවකයින්ට හෝ සිසුන්ට හෝ ඔවුන්ගේ දෙමව්පිය භාරකරුවන්ට මේ රැස්වීම්වලට එන්න හෝ තමන්ගේ පක්ෂයේ අයට ඡන්දය දෙන්න කියනවා නම් වැරැදියි. එහෙම නැත්නම් විදුහල්පතිවරුන්ට දේශපාලන අයිතිය නෑ කියලා කොහෙවත් අහලා නෑ. එහෙම තිබුණා නම් 1977 යූඑන්පී ආණ්ඩුවට කත් ඇදලා සුදුසුකම් නැතුව විදුහල්පති සහ අනිකුත් පත්වීම් ගත් ගුරුවරුන් ගැනත් අදවත් කතා කරන්න...
පාසල් ගුරුවරයෙකුට හෝ පාසල් විදුහල්පතිවරයකුට තමන් කැමැති දේශපාලන පක්ෂයකට වැඩ කරන්න ඔහුගේ පුද්ගලික නිවසේ සිට, මොකක්ද තියන තහනම? රජයේ නිලධාරීන් කොපමණ මේ වනවිට පාර්ලිමේන්තු ඡන්දෙ ඉල්ලනවාද? එවිට විදුහල්පතිවරයකුට ඡන්දය ඉල්ලීමේ වරප්‍රසාදය නැති වීමට මොකක්ද හේතුව...?
ඇයි විදුහල්පතිතුමෝ නීතිය නොදන්නේ...?
විදුහල්පති කෙනෙකුට විතරක් දේශපාලනය කරන්න බැරි නීතියක් කවුද ගෙනාවේ? රජයේ නිලධාරීන්ට ඡන්දෙ ඉල්ලන්න බැරිද? මැතිවරණ කොමිසම නීති හදනවද මූලික අයිතිවාසිකම් බලන්නේ නැතිව.