(මනෝප්‍රිය ගුණසේකර)
දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරදරයකින් තොරව කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් 30,000/-ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී ඇහැලියගොඩ ප්‍රදේශයේ දමිල පාසලක විදුහල්පතිවරයකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විදුහල්පති කාමරයේදීම අත්අඩංගුවට ගන්නා ලදී.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී අදාළ විිදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කෙමිසමේ නිලධාරියකු පැවසීය.
පාසැල් දරුවන්ට උදෑසන ආහාර වේල සැපයීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ඇහැලියගොඩවත්ත ප්‍රදේශයේ දමිල පාසලක ඉගෙනුම ලබන දරුවන්ට උදෑසන ආහාර වේල සැපයීම සඳහා කාන්තාවකට ටෙන්ඩරය ලබාදී ඇති බවත් ඒ අනුව ඇය මාර්තු සහ අප්‍රේල් මාස සඳහා සැපයු ආහාර වේල් වලට ගෙවිය යුතු මුදල් ලබාදීමට නිර්දේශ කිරීම සඳහා සැකකාර විදුහල්පතිවරයා කාන්තාවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.
සැකකාර විදුහල්පතිවරයා මුලින් රුපියල් 20,000/-ක මුදලක් ලබාගෙන ඇති බවත් ඉතිරි රුපියල් 30,000/-ක මුදල ඉල්ලු අවස්ථාවේදී ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී විදුහල්පති නිල කාමරය තුළදී රුපියල් 30,000/-ක අල්ලස් ගන්නා විට සැකකරු අත්අඩංගුවට ගත් බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පති කෑම ටෙන්ඩරයක් දෙන්න 30000ක අල්ලසක් අරගෙන
Sugathapala Friday, 24 May 2024 07:33 PM
ඇහැලියගොඩ කියන්නෙ කිරිඇල්ලේ බුදුහාමුදුරුවන්ගේ ආසනය නේද දැනට අවුරුදු 54ක සිට ඒ බුදුහාමුදුරුවෝ ඇහැලියගොඩ ආසනයේ නාමිකව වැඩ සිටිනවා මම අහල තියෙන හැටියට මුලු ලංකාවෙන්ම ආහාර ද්‍රව්‍ය මිල වැඩිම ප්‍රදේශය ඇහැලියගොඩ තමයි අනෙක් භාණ්ඩ මිල වුණත් එහෙම තමයි නගරයේ සංචාරයේ යෙදෙන කෙනෙකුට නගරයේ අඩුපාඩු තිබේද කියලා දකින්නට පුළුවන්
Bunny Preena Saturday, 25 May 2024 09:34 AM
සල්ලිවලට මළමිනීත් දිව දික්කරනවලු... මෙයා ඇවිදින මළ මිනියක්.. පෙන්ෂන් එකත් නැතිකරගෙන හිරේට යමන්කෝ...
SellasamiSunday, 26 May 2024 06:01 AM
හිරේට යන්න දේශපාලන බලවතා ඉඩක් දෙන්නෙ නැහැ .මොන වරදක් කලත් සියවස් භාගයක් ඉක්මවා මංත්‍රී වෙලා ඉන්න පුද්ගලයා අල්ලස් ගත්තු කෙනා බේරගන්න කටයුතු කරාවි
Jude Fernando Saturday, 25 May 2024 10:12 PM
පලාතේ බලවත් දේශපාලන කාන්තාවකගේ නෑයෙක්ලු