(ඩයනා උදයංගනී)
බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තීරු බදු සහනය ඉහළ දැමීමටත්, විදුලියෙන් ක්‍රියාකරන වාහනයක් මිලදී ගැනීම සඳහා අවස්ථාව දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (2) පැවසීය.
රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට සිදුකරනු ලබන ප්‍රේෂණයන් වැඩිකිරීම සඳහා මෙම දිරි ගැන්වීම සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඒ අනුව විදෙස් ගත වී සිටි කාලය දවස් 90ට අඩු නම් ඩොලර් 187.50ක්, දින 90ත් 365ත් අතර නම් ඩොලර් 625ක් සහ දවස් 365ට වැඩි නම් ලබාදුන් ඩොලර් 1750ක තීරු බදු සහනය ඒ අයුරින්ම ලබාදෙන අතර, මෙරටට විදෙස් මුදල් එවූ ශ්‍රමිකයන් වෙත එවන මුදල් ප්‍රමාණය අනුව වැඩි තීරුබදු සහනයක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අවම වශයෙන් ඩොලර් 2,400ක් එවා ඇති අයට විදෙස්ගතව සිටි කාලය දින 90ට අඩු නම් ඩොලර් 787ක්, දින 90ත් 365ත් ඩොලර් 1225 ක් සහ දින 365ට වැඩි 2350ක සහනයක් ලෙසත්, ඩොලර් 4,800ක් එවා ඇත්නම්, දින 90ට අඩු අයට ඩොලර් 1,175 ක්, දින 90ත් 365ත් අතර නම් ඩොලර් 1,585 ක් සහ 365ට වැඩි 2710 ක සහනයක් හිමිවන බව කී ඇමතිවරයා ඩොලර් 7200ක් එවා ඇත්නම් පිළිවෙලින් ඩොලර් 1627, 2065, 3190 ලෙසත්, ඩොලර් 12,000ක් එවා ඇත්නම් පිළිවෙලින් ඩොලර් 2587, 3025, 4150ක් සහ ඩොලර් 24,000ක් හෝ ඊට වඩා එවා ඇත්නම් පිළිවෙලින් ඩොලර් 4985, 5425, 6550 ලෙසත් ලබාදෙන තීරුබදු සහනය ඉහළ නංවා ඇතැයි ප්‍රකාශ කළේය.
එමෙන්ම ඩොලර් 3000 කට වඩා එවන අයට විදේශ විනිමය එවන අය වෙනුවෙන් එවපු මුදලෙන් අඩක වටිනාකමකින් යුත් විදුලි යතුරු පැදියක් ආනයනය කළ හැකි අතර, ඩොලර් 20,000 සිට 65000ක උපරිමය දක්වා විද්‍යුත් වාහන ගෙන්වීමට අවසර දෙන බව ඇමතිවරයා කීවේය.
මේ ගෙන්වන වාහන 300-500 අතර ධාවන පරාසසයක විය යුතු මෙන්ම සූර්ය බල පද්ධතිය මගින් ආරෝපනය කළ යුතු අතර එය තමන් විසින් ම සකස් කර ගැනීමට හෝ ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවත්, ජාතික විදුලි පද්ධතියෙන් මෙම වාහන ආරෝපණය කිරීමට නොදෙන බවත් නානායක්කාර මහතා පැවසීය.
ඒ සදහා වන චක්‍රෙල්ඛනය ඉදිරියේ දී නිකුත් කරන බව ද ඇමතිවරයා කීවේය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් මුදල් ප්‍රමාණය ජූලි මස සිට යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි කී ඇමතිවරයා මේ හේතුවෙන් තෙල්, ගෑස්, බෙහෙත් ගැනීමට අවස්ථාව හිමිවූ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ රටවල් ඉන්නේ හරක් කියලා හිතාගෙනද මන්දා. විදුලි වාහන ගේන්න අවසර ගෙනාව එකට අපි බදු ගෙවන්න ඕනෙ අපේම විදුලියෙන් ඒක චාජ් කරගන්න ඕනේ... අනේ අපි අහුවෙයි ඕවට...
මරු කොන්දේසි ටික... ඔන්න අපි සල්ලි දාන්න පටන් ගත්තා...
පටන් ගැන්මක් වශයෙන් හොඳයි. නමුත් තව දියුණු කරන්න පුළුවන්... තීරුබදු සහන වැඩි වෙන්න.. වැඩිවෙන්න හැමෝම ඩොලර් එවන එක බැංකු මගින්ම කරයි.
පළමුවෙන්ම තීරුබදු රහිත වාහන ගෙන්වීමට දැනට දෙන බලපත්‍ර ක්‍රමය නවතන්න. මේ තුළින් විදේශ විනිමය විශාල වශයෙන් ඉතුරු කරගත හැකියි...
ලංකාවේ ඉඳලා අන්තර්ජාලයෙන් මුදල් හොයන අයට මේක දෙන්න. ඔවුන් තමයි මේ රටේ නියම පුරවැසියෝ... ද්විත්ව පුරවැසියන්ට කිසීම පිළිගැනීමක් හෝ සදාචාරයක් හෝ අයිතිවාසිකමක් මේ රටේ නොලැබිය යුතුයි...
ලංකාවේ ඉඳලා අන්තර්ජාලයෙන් මුදල් හොයන අයට මේකදෙන්න.
ඔය හොර තක්කඩි ඉන්නකන් අපි ලංකාවට සල්ලි එවන්නේ නෑ.
Pathirana, Prabha කිසිම දෙයක් තේරුම් ගන්නේ නැතිව මැටිමෝල්ලු වගේ කතා කරන්න එපා. COMMENT'S දාන්න ඉස්සරවෙලා පොඩ්ඩක් තේරුම් ගන්න. මේ ක්‍රමයෙන් රටට විදේශ විනිමය ලැබෙනවා. අනිත් පැත්තෙන් විදේශ ශ්‍රමිකයන්ට හොදයි. මේ ගොඩක් අය දන්නේ නෑ දැනට අවුරුදු 42කට පෙර විදේශ විනිමය $5000ක් ලංකාවට ගෙනාවම DUTY FREE වාහනයක් ගේන්න පුලුවන් බව.
විකාර... පාර්ලිමේන්තුවේ අය ප්‍රායෝගික යෝජනා අරගෙන එනවා.. ඇත්තෙන්ම මේවා කාලය කා දැමීමක්...
ඇයි බං මේ හරක්ට තේරෙන්නෙ නැත්තෙ ඩොලර් එවන්නේ නැති එකට හේතුව? ප්‍රශ්නෙ විසඳන්නේ නැතුව ගොං ආතල් දෙනවා.
මට බොහොම සන්තෝසයි... මම මේ යෝජනා කලේ බොහොම ඉස්සර. ඩොලර් ලක්ෂ 2 වඩා ඒවා ඇති අයට වාහන ගෙන්වා ගැනීමට බලපත්‍රයක් දෙන්න. මගේ අනික් යෝජනාව තමයි වී රජයට විකිනු ගොවියන්ට පමණක් පොහොර සහනාධාරය දෙන්න. ජාතික විදුලි පද්ධතියෙන් මෙම වාහන ආරෝපණය කිරීමට නොදෙන බවත් නානායක්කාර මහතා පැවසීය.
අලුත් ජන්දෙකින් අලුත් පාර්ලිමේන්තුවක් පත්කරගත්තට පස්සේ අපි කොන්දේසි විරහිතව මුදල් එවනවා. හොරුන්ට, මිනීමරුවොන්ට අනුග්‍රාහය දක්වන්න අපි කැමති නෑ.
අහුවෙන්න එපා මෙයාලාගේ ගැටවලට...
හොරුන්ට බදුගෙවනවට වැඩිය හොඳයි... නොගෙවා ඉන්න එක... අද වෙනකන් මේ බදු සල්ලිවලින් සුඛෝපභෝගී ජීවිත ගතකරනවා හැරෙන්න රටට සිදුවන සුගතියක් නම් නැහැ.
කවදා ඉඳන්ද එවපු සල්ලි ප්‍රමාණය ගණන් කරන්නේ...? ලංකාවට එනකොට ගේන්න ඕනෑද? ගැසට් එක එනකම් ඉන්න වෙයි, වගේ ඔක්කෝම විස්තර බලන්න...
දැන් පවතින රජයත්, ජනාධිපතිත් බලයේ සිටිනකම් අපි ශතයක්වත් මුදල් ලංකාවට එවන්නේ නැහැ. අපි ලෝක ප්‍රජාවටත් කියනවා ශතයක්වත් ලංකාවට දෙන්න එපා මේ මිනීමරු කණ්ඩායම බලයේ සිටිනකම්. ජි එස් ටි ප්ලස් එකත් නවත්වන්න කියලා අපි දැනටමත් යුරෝපා සංගමයෙන් ඉල්ලලා තිබෙනවා. අලුත් රජයක්, අලුත්ම නායකයෙක් පත්වුණාට පසු අපි ලංකාවට සල්ලි පොම්ප කරනවා. අරගලයට ජයවේවා...!
රටේ සිටින ගව සම්පත ගැන අවබෝධයක් ඇති ඔබතුමන්ලා තවදුරටත් එම සම්පත රවටන්න යාමක් තමයි පෙනෙන්නට ඇත්තේ...!
අපට අවශ්‍ය තීරු බදු සහනවත්, විදුලි වාහනවත් නොවෙයි, මේ හොරු ටික ගෙදර යවන්න. අපි තව අවුරුදු 2ක් ඉවසලා හොරු ටික ගෙදර ගියාට පස්සේ රට හදමු