
( තිළිණි ද සිල්වා)
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝකයේ රටවල් 105 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 26,500 වැඩි පිරිසක් මේ වනවිට මෙරටට ගෙන්වාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
ඊට අමතරව රටවල් කිහිපයක උසස් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි ලාංකික සිසු සිසුවියන් 3,000 ට වැඩි පිරිසක් ද මේවන විට ගෙන්වාගෙන තිබෙන බවද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය .
රුසියාව, චීනය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක සිටි ලාංකික සිසු සිසුවියන් පිරිසක් මෙලෙස ගෙන්වාගෙන සිටින බවද මේ කිසිවකු ප්‍රභූ අයගේ දරුවන් නොවන බවද ඒ මහතා පෙන්වා දෙයි.
මේ සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන් අනතුරු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම රටවිරුවන්ට සැබෑ ගරුත්වය හිමිවිය යුතුයි.
ඔය 26500 විස්තර සහිතව කියන්න පුළුවන් නම්.. මොකද මේ ලඟදී ලොකු මහත්තයෙක් කියලා තිබුණා ඩුබායි වලින් එන්න ඉන්නේ 465 දෙනයි කියලා.. කොන්සියුලේට් එක ළඟ දවසට කෑම පාර්සල් 300- 400 අතර බෙදනවා අසරණ වෙච්ච අයට... ඒ වගේද දන්නේ නැහැ ඔය ගණනුත්...
හරියට ආණ්ඩුවේ වියදමෙන් ගෙන්න ගත්ත වගේ කතාව. රැකියා නැතිවෙලා ආපහු ආව ගොඩක් අය ආවේ ගෙවල්වලින් සල්ලි ගෙන්නගෙන. සාමාන්‍ය ගාණට වඩා 3න් 4 ගුණයක් වියදම් කරලා...
බොරු පම්පෝරි ගහන්නේ නැතිව ආණ්ඩුව කළ යුත්තේ, රටතුළ නිරෝධායන පහසුකම් වැඩිදියුණු කර ගුවන් තොටුපළ ලංකාවේ පුරවැසියන්ට විවෘත කිරීම... එතකොට එනකෙනෙක් ඒවි..