
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාසයේ සිට සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන බව ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මාර්ග සංවර්ධනය සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපති මන්ත්‍රීවරයාට රුපියල් මිලියන 150ක් වෙන් කර ඇති අතර කුඩා මාර්ග සංවර්ධනය සදහා ග්‍රාමීය කටයුතු ආමාත්‍යංශය හරහා ද රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්තික ඔස්තාර් කියපු ටොම්පචවල හැටියට මොන දේ කිව්වත් දැන් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ...
මහලොකු ආර්ථික ඔස්තාර් ලැජ්ජා නැතිව ණය ලැබුණාම සංවර්ධනේ කරනවා කියන හැටි. රටේ සංවර්ධනේ කෙසේවෙතත් ඔබලා නම් සංවර්ධනය වෙයි... ආයෙත් හොරකම් කරලා. මේක දැන් අවුරුදු කීයක් නම් ඇමැතිකම් කරනවාද? හොරකමයි, පම්පෝරියයි ඇර වෙන මොනවාද කළේ..?.