(යොහාන් භාසුර)
විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (18) පැවසීය.
දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් හදුනාගෙන ඇඟිගි සළකුණු යන්ත්‍ර සවිකර නිලධාරීන් පුහුණු කිරීම මේ වන විටත් අවසන් කර ඇති බවත් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් ඇඟලි සළකුණු දීලා මුදල් මාර්ගගත ක්‍රයට හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවා අයදුම්කරුට නිවසට යා හැකි බවත් ඉලුක්පිටිය මහතා කීය.
විදේශ ගමන් බලපත්‍රය දින තුනක් තුළ තැපෑලෙන් නිවසට යොමු කිරීමට සැළසුම් කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදෙස් ගමන් බලපත දින තුනෙන් නිවෙසට
රට වැසියා Thursday, 18 May 2023 05:44 PM
පාස් පොට් පෝලීමේ සිට ලියමි, රට වැසියකු ලෙස මෙය ඉතාම අගය කරමි, කරුණාකර මෙම අදහසවත් කාර්යයක්ෂමව, දුෂණයෙන් තොරව ක්‍රියාවට නඟන්න - ස්තුතියි
Day Dreamer Thursday, 18 May 2023 06:39 PM
දවල් හීනයක්ද මන්දා
SUNIL MILANO Thursday, 18 May 2023 07:01 PM
මේ වගේ පහසු ක්‍රම සෑම ක්ශේෂ්ත්‍රයකම ඇතිකළ යුතුයි .ඉතිරිවන කාලයත් මුදලුත් තව වැඩකට යෙදීමෙන් යම් තාක් දුරට රටේ දියුණුවට මග පෑදීමක් විය හැක
Koswatthage niluka milani kularathna Friday, 19 May 2023 06:59 AM
ඉතාමත් වටිනාම දෙයක්. ඔබතුමන්ලාට ගොඩාක් ම පින්.
Nathalie Friday, 19 May 2023 09:58 AM
දැන් ඕකට ගාන කීයද ? යන්න කලින් ඒකත් දැනගන්න එපාය .
ගමේ එකාලා Friday, 19 May 2023 12:18 PM
එහෙම වුණොත් ලෝක පුදුමයක්?