
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ (Rebuilding Sri Lanka) අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
ඉකුත් 2 දා වන විට මේ පිරිස මුදල් බැර කර තිබූ බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කීය.
විපතට පත් අයට සහායක් ලබාදීම සඳහා අවස්ථාවක් දෙන්නැයි විදෙස් ගත ලාංකිකයන් ඉල්ලා තිබූ බව කී සූරියප්පෙරුම මහතා වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් වැඩපිළිවෙළ දෙකක් අනුගමනය කරමින් සිටින බව සඳහන් කළේය.
එහි පළමු වැඩසටහනට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන මූල්‍යමය සහාය වෙනුවෙන් ලංකා බැංකුවේ විශේෂ ගිණුම් අංකයක් ප්‍රකාශයට පත් කළ අතර දෙවන වැඩසටහන යටතේ මෙරටට භාණ්ඩ එවන පිරිසට අඩු ලියකියවිලි සංඛ්‍යාවකින් සහ කිසිදු ගාස්තුවකින් තොරව භාණ්ඩ එවීමේ ක්‍රියාවලිය පහසු කර තිබෙන බව කීය.එම භාණ්ඩ වලට අය කරන තීරුබදු සහ ගාස්තු ඉවත් කර තිබෙන බව ද ලේකම්වරයා කීය.
මේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධක බලකායක් ස්ථාපිත කර තිබෙන බව කී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එබැවින් මෙරටට එවනු ලබන භාණ්ඩ ඉතා පහසුවෙන් නිදහස් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව සඳහන් කළේය.
මෙම පහසුකම ලැබෙන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නමට භාණ්ඩ එවීමෙන් පමණක් වන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රේගු වෙබ් අඩවියේ දැනටමත් සඳහන් කර තිබෙන්නේ යැයිද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ 19000 අතරේ මමත් ඉන්න එක ගැන ආඩම්බරයි.
කොරෝනා වසංගතය සමයේ ජ.වි.පෙ. උදවිය නැත්නම් මාලිමාවේ උදවිය ලෝකෙම ඉන්න ලාංකික ජනතාවට කිව්වේ රටට ඩොලර් එවන්න එපා කියලා. ඒ තරම් දීන නිවට කෲර අදහස් තියෙන දෙපා සත්ත්වයින් කොටසක් තමයි ඒ.
කීදෙනෙක් දුන්නද කියන එක වැදගත් නෑනේ. දැනට කීයක් ලැබිලා තියෙනවාද කියලා කියන්න...
ආඩම්බරයි කියන්න මගේ පිටරට සේවය කරන පුතත්, මෙම අරමුදලට මුදල් එවු බව මට දැන්වූවා...
පිටරටවල තිබ්බ අනුරගේ මාලිමාවේ රැස්වීම් වලට ආපු සෙනගවත් දීලා නෑ.