( ඩි.ජී.සුගතපාල)
උණවටුන දලවැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදි විදේශිය කාන්තාවකට පහරදුන් බව කියන තැඹිලි වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උණවටුන බොනවිස්ටාව පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
සංචාරයක් සඳහා පැමිණ සිටින රුසියානු ජාතික කාන්තතාවක් ඊයේ (20) සවස ඇයගේ යෙහෙළියක්ද සමග සැකකරුගෙන් තැඹිලි ගෙඩියක් මිලදි ගෙන පානය කිරිමට සුදානම්වු අවස්ථාවේ එය පානය කිරිමට නොහැකි තත්වයේ තිබිම නිසා සැකකරුට දොස් පවරා ආපසු මුදල් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ සිදුවු බහින් බස් විමකදි සැකකරු විසින් මෙම පහරදිම සිදු කර ඇත.
පසුව ඇය ප්‍රතිකාර ගැනිම සඳහා රෝහලට ගොස් ඇති අර ඇයගේ යෙහෙළිය විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණවටුනේ තියෙන සුන්දරත්වය නැති කරන්නේ ඔය තැන්වල සිටින ඔහොම එවුන් තමයි... ඒ වගේම වෙරළ තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් කරන්නේ එහෙම වැඩම තමයි...!
මේ අමණයින් ටිකෙන් ටික ගොඩ නැගෙමින් පවතින් සංචාරක ව්‍යාපාරය ආපහු නැති කරලා දාන්නයි හදන්නේ.