
(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා මුදල් හා තවත් දෑ සහිත ගමන් බෑගයක් විදේශ කාන්තාවක අමතක කර දමා ගොස් තිබියදී එම බෑගයක් හිමි කාන්තාව සොයා බාර දීමට කටයුතු කළ බව යුද හමුදාව පවසයි.
පීරූ රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ජැක්ලින් ස්ලින්ඩා නැමැති එම කාන්තාව අවුකන බුදු පිළිමය අසල සිය බෑගය අමතර කර දමා ගොස් ඇත.
එම බෑගයේ රුපියල් ලක්ෂ 7 ක මුදල් සහ රුපියල් ලක්ෂ 3 ක් වටිනා කැමරාවක්, ඒ ටී එම් කාඩ්පත් දෙකක් තිබූ බව යුද හමුදාව පවසයි.
මෙම ස්ථානයේ රාජකාරි කරමින් සිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකයේ කෝප්‍රල් එන්. ඊ ඩී පී නානායක්කාර මහතා එම බෑගය දැක එය යුද හමුදා පොලිසිය වෙත බාර දී ඇත.
එම විදේහිය කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු සොයා අනණ්‍යතාව තහවුරු කරගෙන පසුව ඇයට එම බෑගය බාර දුන් බව හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට අර 225න් එකෙක් ඔතනින් ගියෙ නැත්තේ….
රටට ගවුරවයක්. ලොව තුල අපට කීර්තියක් .
ආදර්ශමත් නිලධාරියෙක්. ඉතා අගය කළ යුතු ක්‍රියාවක්. යුධ හමුදාවේ ගෞරවය , රටේ ගෞරවය ආරක්ෂා කළ යහපත් පුතෙක්. ඔබේ සද්ක්‍රියාව බෙහෙවින්ම අගය කරමි.
දකුණු ඇමෙරිකන් අය ගන්නේ, විමසිල්ලෙන් ඉන්නේ. මත් ද්‍රව්‍ය ලෝකෙටම නිෂ්පාදනය කරන්නේ දකුණු ඇමෙරිකාවයි. මෙම මුදල් මෙම කාන්තාවට ලැබුණේ කොහොමද කියලා, ගුවන් තොටුපළේදී මාරු කළා නම් රිසිට් පත බලන්න තිබුණා.