(යොහාන් භාසුර)
විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සදහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් විදේශගත ශ්‍රමිකයින් ඇතුළු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවය අනුව නාගරික තට්ටු නිවාස සංකීර්ණ ලෙස සහ ග්‍රාමීය තනි නිවාස සංකීර්ණ ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.
ඊට අමතරව විදේශගත ශ්‍රමිකයාගේ ඉඩමක නිවසක් ඉදිකිරීම සදහාද මේ යටතේ කටයුතු කිරීමට නියමිතව බව ද කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සදහා මූල්‍ය දායකත්වය දෙන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මිනිස්සු ගොනාට අන්දන බහුබූත. මීට ඉස්සර එක්කෙනෙක් රැකියාවලට යන අයට එයාපෝට් එකේදී කිරිබත් කන්නත් දුන්න
නිකං කයිවාරැ විතරයි වැඩ නැහැ.
මොන මගඩියක් කරලා හරි ඔය රටවිරු ගාය හැදිලා ඉන්න පිටරටවල් වල වැඩකරන එවුන්ගේ මුදල් වලට තට්ටු කරලා, එවුන්ව පිටරටවලටම ගාල් කරන එක තමයි කල යුත්තේ. ඒ රටවල පාලකයින්ට පින්සිද්ධ වෙන්න කාල ඇඳලා ලංකාවේ තක්කඩි පාලකයින්ට ආවඩනවා ඔය මෝඩයෝ..අඩු තරමේ ඒ රටවල් වල තියන ශ්‍රී ලංකා තානාපති කාර්යාල වත් ගණන් ගන්නේ නැහැ මේ හිඟන අනාතයින්ව.
තව හතර වරම් කෙලින වැඩක් .අන්තිමට සුනාමි ගෙවල් වගේ තියෙයි
මෙන්න මේ හොර දෙටුවා සිහින මවනවා
වසර 10 කට ආසන්න කාලයක් ගල්ෆ් රටවල සේවය කරන අපගේ කණ්ඩායමට මෙම අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි