(යොහාන් භාසුර)
විදේශිකයන්ට පහර දුන්නා යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දුම්රිය සේවකයන් උද්ගත වූ අවස්ථාවේදී කටයුතු කළ ඇති ආකාරය වැරදි නොවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අදාළ සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයේ දත්ත පරික්ෂා කිරීමෙන් ඒ බව තීරණය කළ හැකි බව ද ප්‍රවාහන අමාත්‍යවරයා කීය.
පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් හය දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් අතර පසුව වැඩ තහනම් කළ දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා සහ නියාමකයා වාහාම සේවයේ පිහිටුවීමට පියවර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතින් පයින් නෙලීම ඇමති අනුමත කරනවලු. පුදුම රටක අපි ඉන්නෙ.
දැන් එතකොට ගුටිකාපු විදේශිකයන්ද, නැත්නම් පුවත පළකරපු මාධ්‍ය ද වැරදි? ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන්ට පහර නොදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදිහේ නීතියක් රටේ ඇත්තෙම නැද්ද?? එහෙම වුනෙත් නැත්නම්, දුම්රිය සේවකයන් උද්ගත වූ අවස්ථාවේදී කටයුතු කළ ඇති ආකාරයත් නිවැරදි නම්, අසත්‍ය පුවත් පළකරපු මාධ්‍යට විරුද්දව ගන්න ක්‍රියාමාර්ග කවරේද කියලත් පැහැදිලි කලොත් නේද ඔබතුමාගේ වගකීම "ප්‍රවාහන කැබිනට් අමාත්‍ය හැටියටත්, කැබිනට් ප්‍රකාශක හැටියටත්" සම්පුර්ණ වෙන්නෙ??
මෙවැනි ගොබ්බ එක ඇමතියෙක් රටක සිටීමත්, එම ජාතිය නැත්තටම නැති වීමට හේතු විය හැකිය. කරුමයක් මිස වෙන කුමක් ද? යම් හෙයකින් එම විදේශික සංචාරකයන් වැරැද්දක් කොට ඇතැයි හෙලි වූවද, එම සේවකයන් නියෝජනය කරනුයේ රාජ්‍ය බැවින්, ඔවුන් කටයුතු කලයුතු වන්නේ රාජ්‍ය සේවා ප්‍රතිපාදන සහ නියමයන්ට අදාලවය. එසේ නොමැතිව බන් දුල ගුනවර්ධන වැනි සොකඩයන් ගේ බොරලුගොඩ නීතියට අනුව නොවේ. රාජපක්ස ලා ශ්‍රී ලංකන් ගුවන් සේවයට කල හරියම මෙවැනි ගොබ්බ ඇමතියන් නිසා ලංකාවේ ප්‍රවාහන සේවයට සිදුවනු ඇත.
නීති විරෝධී විදියට දුම්රියේ ගියා නම් එකට විරුද්ධව නීතියට අනුව කටයුතු කල යුතුයි. දඩ ගහන්න පුළුවන් පොලිසියට කියන්න පුළුවන්. බෙල්ලෙන් ඇදල එලියට දමන එක කරන්නේ බන්දුලල වගේ කට්ටිය.
මේ වැනි ගොබ්බයන් තවමත් මේ රටේ ඇමැතිලාය... අපේ රට විනාශ වෙන ආකාරය හිතාගන්නවත් බැ!
මට බන්දුල සමග මොන ප්‍රශ්න තිබුණත් මේ ප්‍රශ්නෙදි ඔහුගේ මතය මමත් අනුමත කරමි.. මමත් එම පටය දැක්කා. එතැනදී පහර දීමක් සිදුවුනේ නැහැ... ටිකට් නැතිව දුම්රියේ ගිය විදේශිකයින්ව අවම බලයක් යොදා දුම්රිය ආරක්ෂක අංශ විසින් එලියට දැමීම පමණක් සිදු කළේ, සමහර සුද්දෝ ඉන්නවා ලංකාවට ඇවිත් විවිධ නීතිවිරෝධී ක්‍රියා සිදුකරන...
කොහොමද ආර්ථික ඔස්තාර්ගේ කතාව...
මම ගිය පෙබරවාරි මැද දිනකදී ත්‍රිකුණාමලයට යමින් තිබූ යාල්දේවී දුම්රියේ පළමු පන්තියේ සිටි අතර, එයට ගොඩවුණු විදේශිකයෙක් (අපේ වචනයෙන් නම් හිපියෙක්) මැදිරියේ ෂීට් පාගෙන සිටි අතර එහි සිටි ආරක්ෂක නිලධාරීන් එම ක්‍රියාව නොකරන ලෙසට දැනුම් දුන්නද ඔහු කිසිවක් ගණන් නොගෙන සිටියේය. මෙවැනිම දෙයක් පොඩි මැණිකේ දුම්රියේත් සිදු වන්නට ඇතැයි මම සිතනවා...
බව්වන්ට ගුටිකන එක සාමාන්‍ය දෙයක්...!